අනුර හා ඩලස් හදිසියේම හමුවූ හේතුව..

Anura Kumara Dissanayaka Dullas Alahapperuma Sri Lanka
By Sewvandhi Aug 25, 2023 04:21 PM GMT
Report

අද (25) ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රමුඛ නිදහස ජනතා සභාවේ මන්ත්‍රවරු පිරිසක් අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ ජනතා විමුක්ති පෙරමුණු සාමාජිකයන් සමඟ විශේෂ සාකච්ඡාවක නිරතව තිබෙනවා.

ජනතා විමුක්ති පෙරමුණ පක්ෂ කාර්යාලයේ දි එය පැවැත්වුණා.

නිදහස ජනතා සභාව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩලස් අලහප්පරෙුම, ඩිලාන් පෙරේරා, මහාචාර්ය චරිත හේරත් යන මහත්වරුන් සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඇතුළු පක්ෂ සාමාජිකයන් කිහිප දෙනෙකු අතර මෙම සාකච්ඡාව පවත්වා තිබිණි.

මෙහිදී ආණ්ඩුව දිගින් දිගටම මැතිවරණ කල් දමන බවත් ඊට එරෙහිව ගත යුුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවත් වාර්තා වේ. එහි දී අදහස් දැක්වූ නිදහස ජනතා සභාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා,

"අද අපේ සාකච්ඡාව ඉතාම සාර්ථකයි කියලා හිතනවා. ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහි පාලකයන්ට යම් දේශපාලනික පණිවිඩයක් ලබා දෙන්න මේ එකඟතාවයන් ඇතුලේ අපිට පුළුවන්කමයි ලැබෙයි කියලා."

එහි දී අදහස් දැක්වූ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා,

"මැතිවරණ කල් දැමීමේ කුමන්ත්‍රණය පරාජයට පත් කිරීම සඳහා යම් එකඟතාවයකින් වැඩ කරන්න පුළුවන්ද කියලා සාකච්ඡාව අද නිදහස ජනතා සංවිධානය සහ අපි අතර සිද්ධ වුණා. එකෙ දී ඉතාමක් සුබදායි ප්‍රතිඵල තිබෙනවා. අපි උත්සහ කරනවා රනිල් මැතිවරණ කල් දැමීමට දරන උත්සහාය පරාජයට පත් කිරීම සඳහා මෙරට ප්‍රගතිශීලි ප්‍රජාතන්ත්‍රවාදී බලවේග සමඟ කටයුතු කරන්න."