කලා කෙත අස්වැද්දු ප්‍රවීන කළාකාරියක් දිවි සැරිය නිමාකරයි

Sri Lanka
By Sewvandhi Aug 12, 2023 08:04 AM GMT
Report

ලංකාවේ විශිෂ්ටතම ලේඛිකාවක සහ පුවත් කර්තෘවරියක වූ අනුල ද සිල්වා මහත්මිය දිවි ගමන නිමාකර ඇති බව ඇයගේ පවුලේ ආරංචි මාර්ග සඳහන් කරනවා.

අම්බලන්ගොඩ, පොල්වත්ත ගම්මානයේ 1941 ජනවාරි 27 වනදා උපත ලද අනුල ද සිල්වා මහත්මිය, සිය පළමු නවකතාව වන 'උන්මන්තකයෝ' ප්‍රකාශයට පත් කළේ 1964 වර්ෂයේය.

ඉනික්බිති සිය ලේඛනය තුළ ඇය නවකතා, පරිවර්තන සහ ළමා පොත් ඇතුළු පොත් 125කට අධික ප්‍රමාණයක් රචනා කළාය.

ජාතික තරුණ සේවා සභාවේ තරුණ සංවර්ධන කටයුතු සඳහා ද අනුල ද සිල්වා මහත්මිය දායකත්වය ලබා දුන් අතර, අවස්ථා කිහිපයක දී ගුවන් විදුලි වැඩසටහන් මෙහෙයවන්නියක ලෙස ද කටයුතු කළාය.

මියයන විට 82 වන වියේ පසුවූ අනුල ද සිල්වා මහත්මියගේ දේහය, අවසාන ගෞරවය දැක්වීම සඳහා ඉරිදා සිට ජයරත්න මල් ශාලාවේ තැබෙන අතර, අවසන් කටයුතු ලබන 14 වන සඳුදා බොරැල්ල කනත්තේ දී සිදුකිරීමට නියමිතයි.