පැරණි වාහන තියෙන අයට මෙන්න සුභ ආරංචියක්..

Business Mobile Sri Lanka Politician Sri Lanka Government Department of Motor Vehicles
By Aruna Jul 03, 2023 04:41 AM GMT
Report

ලියාපදිංචිය සඳහා විශාල දඩ මුදලක් ගෙවීමට සිදුවන නිසා භාවිත නොකරන පෞරාණික වටිනාකමකින් යුත් වාහන (Antique) වලට කැබිනට් අනුමැතියකින් සහනයක් ලබා දී ගමනාගමනයට ඉඩ ලබාදීමට රජය විසින් තීරණය කර ඇතැයි වාර්තා වනවා.

විශාල දඩ මුදලක් ගෙවීමට සිදුවන නිසා වසර ගණනක් තිස්සේ ලියාපදිංචි නොකළ වාහන විශාල සංඛ්‍යාවක් නිවෙස් තුළම රඳවා ගෙන සිටින බව අනාවරණය වී තිබේ.

එබැවින්, එම වාහන සහන වාර්ෂික මුදලකට යටත්ව ලියාපදිංචි කොට භාවිතයට අවසර දීම සඳහා කැබිනට් අනුමැතිය ලබාදීමට නියමිත බවයි පැවසෙන්නේ.

මේ යටතේ සහන ක්‍රමවේදයකට ආදායම් බලපත්‍ර ලබාදීමටද නිර්දේශ කර ඇතැයි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත වීරසිංහ මහතා කියා සිටියා.