විශ්වවිද්‍යාලයේ තවත් සිසුවෙකු අතුරුදන් වෙයි
Sri Lanka Police
University of Peradeniya
Sri Lanka
By Sewvandhi
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යන කටයුතුවල නිරත වූ තවත් සිසුවෙකු අතුරුදන්ව ඇති බව පොලීසිය පවසනවා. විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ තෙවන වසරේ ඉගෙනුම ලැබූ සිසුවෙකුයි ඊයේ සිට මෙලෙස අතුරුදන්ව ඇත්තේ.
ඔහු විශ්වවිද්‍යාල නේවාසිකාගාරයේ නවාතැන් ගෙන සිට ඇති අතර ඊයේ රාත්‍රි කාලයේදී ඔහු ඉන් පිටතට පැමිණ ඇති බවට ද අනාවරණ වී තිබෙනවා.
මෙම සිසුවා කඩවත - ගනේමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි පොලීසිය සඳහන් කළේ. මීට පෙර ද එම විශ්වවිද්‍යාලයේ කලා පීඨයේ අධ්‍යන කටයුතුවල නිරත වූ තවත් සිසුවෙකු අතුරුදන්වී සිටියදී ඔහුගේ සිරුර මහවැලි ගඟේ තිබියදී සොයා ගෙන තිබුණා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |