තුවාලෙකට බෙහෙත් ගැනීමට ආ රෝගියෙක් ජීවිතක්ෂයට - වහාම ඖෂධය අත්හිටුවයි..!

Sri Lanka Ministry of Health Sri Lanka Dr. Asela Gunawardana Hospitals in Sri Lanka
By Sewvandhi Aug 12, 2023 03:57 PM GMT
Sewvandhi

Sewvandhi

in ඖෂධ
Report

ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේදී ඖෂධ අසාත්මිකතාවයක් හේතුවෙන් රෝගියෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ. පසුගිය 06 වනදා තුවාලයකට ප්‍රතිකාර කිරීම සඳහා ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කළ පුද්ගලයෙක් එසේ මියගොස් ඇත.

ලබාදුන් ප්‍රතිජීවක ඖෂධයක් හේතුවෙන් ඇතිවූ ආසාත්මිකතාවක් මත රෝගියා මියගොස් ඇති බවයි,සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කළේ, සිද්ධියත් සමග අදාළ ප්‍රතිජීවක ඖෂධය භාවිත කිරීම තාවකාලිකව අත්හිටවූ බවය.

පසුගියදා මතභේදයට තුඩුදුන් ඖෂධ ආසාත්මිකතා සිදුවීම් පිළිබඳ සොයාබැලීමට පත්කළ විශේෂඥ කමිටුවේ නිගමනයන්ට අනුව රෝගීන් දෙදෙනෙකුගේ මරණය පමණක් එම ආසාත්මිකතාව හේතුවෙන් සිදුවී ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අංශයේ අධ්‍යක්ෂ  මහාචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවසීය.