කොළඹ තවත් වකුගඩු ජාවාරමක් ගැන අනාවරණයක්.
කොළඹ ප්‍රදේශයේ දිළිඳු පවුල් ඉලක්ක කර ගනිමින් සිදුකරගෙන යනු ලබන වකුගඩු ජාවාරමක් ගැන තොරතුරු අනාවරණය විට වී තිබෙනවා.
කොළඹ 15, මට්ටක්කුලිය ප්‍රදේශවල පදිංචි පුද්ගලයින් සිව් දෙනෙකු විසින් සිදුකරන ලද පැමිණිලි වලට අනුව, ඊට අදාලව විධිමත් විමර්ශනයක් ආරම්භ කර ඇති බව කොළඹ අපරාධ කොට්ඨාශය, කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම්දී ඇත.
ඒ, අනුව අදාළ වකුගඩු ලබාදී ඇත්තේ කවුරුන් විසින් කා හට ද යන්න සම්බන්ධයෙන් සහ ඒ සදහා මුදල් ගණුදෙනු සිදු වී තිබේ ද යන්න පිළිබදව මෙතෙක් කරුණු අනාවරණ වී නොමැති අතර ලද පැමිණිලි සැලකිල්ලට ගනිමින් ඒ පිළිබද විධිමත් විමර්ශනයක් ආරම්භ කිරීමටයි CID ය පියවර ගෙන ඇත්තේ.
පසුගිය වසරක පමණ කාලය තුළදී කොළඹ ප්‍රදේශයේ පෞද්ගලික රෝහල් තුළ එවැනි ආකාරයේ නීතිවිරෝධී අයුරින් වකුගඩු ඉවත් කිරීමේ ශල්‍යකර්ම සිදුකර තිබේ ද යන්න පිළිබදව ද වාර්තාවක් ලබාගැනිමට ද ඔවුන් කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.
එමෙන්ම පසුගිය වසරේදී ද කොළඹ පෞද්ගලික රෝහලකදී සිදුවූ බව කියන වකුගඩු ජාවාරමක් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වූ අතර නමුත් මේ වන විට එම රෝහලට යළි අදාළ සැත්කම් සිදුකිරීමට අධිකරණය විසින් අවසර ලබාදී තිබෙනවා.