ක්‍රිකට් නඩුවෙන් තවත් විනිසුරුවරයෙක් ඉවත්වෙලා.

Roshan Ranasinghe Cricket Sri Lanka Cricket Sri Lanka
By Wayomi Nov 14, 2023 08:17 AM GMT
Report

ක්‍රිකට් අතුරු පාලක කමිටුවට කටයුතු අත්හිටුවමින් ගොනුකර තිබූ පෙත්සම් විභාගයෙන් අද (14) තවත් විනිසුරුවරයෙකු ඉවත් වී තිබෙනවා.

මෙම පෙත්සම සලකා බැලීම සඳහා අද සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහතුන්ගේ සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා

එහිදී විනිසුරු ධම්මික ගනේපොල මහතා පුද්ගලික හේතුවක් මත මෙම නඩුවට සහභාගි වීමට කැමැත්ත පළ නොකරන බැවින් සුදුසු විනිසුරු මඩුල්ලක් නම් කිරීම සඳහා අදාළ පෙත්සම යළිත් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා වෙත යොමු කිරීමට නියම වුණා.