එන්නතක් විෂ වී තවත් බිලිඳෙක් මිය යයි.

Keheliya Rambukwella Sri Lanka Ministry of Health Sri Lanka Government Of Sri Lanka Hospitals in Sri Lanka
By Wayomi Sep 07, 2023 07:20 AM GMT
Report

එන්නතක් නිසා ඇතිවු සංකූලතා හේතුවෙන් තවත් බිලිඳෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මාතර වැලිගම ප්‍රදේශයේ පදිංචි මාස 04 ක් වයසැති කුඩා දරුවෙකුට එන්නතක් ලබාදීමෙන් පසු ජීවිතක්ෂයට පත්වූ බවටයි එම දරුවාගේ මවුපියන් චෝදනා කරන්නේ.

පසුගිය (02) වනදා මෙම දරුවාට වැලිපිටිය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ සායනයකදී අදාල එන්නත ලබා දී ඇති අතර පසුවදා දරුවා අධික ලෙස සීතල වීමෙන් කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත් කර තිබෙනවා.

නමුත් ඒ වන විටත් එම දරුවා මියගොස් සිට ඇති අතර මරණ පරික්ෂණ වාර්තාවෙන් විවෘත තීන්දුවක් ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.