ලංකාවටම අවවාදාත්මක නිවේදනයක් - ඔබ දැනගත යුතුම එම විශේෂ නිවේදනය මෙන්න..

Sri Lanka
By krishani Apr 28, 2022 09:30 AM GMT
Report

ප්‍රභල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිකුත් කර තිබේ.

ඒ අනුව බස්නාහිර, මධ්‍යම, සබරගමුව, ඌව, උතුරු මැද සහ වයඹ පළාත්වලත් මුලතිව් හා වව්නියා දිස්ත්‍රික්කවලත් තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රභල අකුණු ඇති විය හැකිය.

එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී 100ට වැඩි තද වැසි හා සෙසු ප්‍රදේශවලට මි.මී 50ට වැඩි තරමක වැසි ඇති වේ.

ගිගුරුම් සහිත වැසි ඇති වනවිට එම ප්‍රදේශවල තාවකාලික තද සුළං ඇති විය හැකි බව වැඩිදුරටත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join