ආසියාවේ කළු තුරඟා යළිත් ක්‍රිකට් පිටියට..?

Cricket Sri Lanka
By Sewvandhi Nov 12, 2022 09:53 AM GMT
Report

   එක්දින තරගාවලියේදී අත්දැකීම් බහුල තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් සංචිතයට කැඳවනු ඇති බවයි වාර්තා වන්නේ.

ඔහු මේ දිනවල ඉතා හොඳින් පුහුණුවීම් කටයුතු සිදු කරමින් සිටින හෙයින් පිතිකරුවෙකු ලෙස ඔහුගේ සේවය ශ්‍රී ලංකා පිලට ලබා ගැනීමේ වැඩි ඉඩකඩක් පවතින බව පැවසේ. 

  සංචාරක ඇෆ්ගනිස්තානය සමග මහනුවරදී පැවැත්වෙන එක්දින තරගාවලිය මේ මස 25 වැනිදා ආරම්භ වන අතර, 27 වැනිදා දෙවැනි තරගය හා 30 වැනිදා වැනි තරගය පැවැත්වීමට කටයුතු යොදා ඇත.

ජාත්‍යන්තර එක්දින තරග 218කට සහභාගි වී සිටින ඇන්ජලෝ මැතිව්ස් 2021 මාර්තු මාසයේ සිට මේ දක්වා එක්දින තරග වලට සහභාගි වී නැහැ.

ඔහු මේ දක්වා එක්දින ලකුණු 5935ක් රැස්කර ඇති අතර, තඩුලු 120ක් දවාගෙන ඇති අතර ටෙස්ට් තරග 100ක් ක්‍රීඩා කළ ශ්‍රී ලංකාවේ 6 වැනි ක්‍රීඩකයා ලෙස ඇන්ජලෝ මැතිවිස්ගේ නම් ඉතිහාසයට එක්ව තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now