අනිරුද්ගේ විවාහයට කෝටි 100ක් - පිළිගැනීමේ උත්සවයත් සමඟ වියදම කෝටි 150ක්
දකුණු ඉන්දීය සංගීත අධ්‍යක්ෂ අනිරුද් රවිචන්දර් සහ සන් ටීවී සමූහයේ හිමිකරු කලනිති මාරන්ගේ දියණිය වන කාව්‍යා මාරන්ගේ විවාහ මංගල්‍යය වෙනුවෙන් ඉන්දීය රුපියල් කෝටි 100ක පමණ මුදලක් වැය වී ඇති බවට වාර්තා පළ වී තිබේ.
විවාහ උත්සවය ඉතා සරල හා සමීප පිරිසකට පමණක් සීමා වූ එකක් ලෙස පෙනුණද, ඒ වෙනුවෙන් වැය වී ඇති බව කියන අතිවිශාල මුදල මේ වන විට බොහෝ දෙනාගේ අවධානයට ලක්ව ඇත.
අනිරුද් සහ කාව්‍යා මාරන් පසුගිය නොවැම්බර් 11 වැනිදා ග්‍රීසියේදී යුග දිවියට පිවිසි අතර, මෙම අවස්ථාවට පවුලේ සමීපතමයන් සහ තෝරාගත් ආරාධිතයන් පිරිසක් පමණක් සහභාගී වී ඇති බව වාර්තා වේ.

මෙම විවාහ මංගල්‍යයේදී විශේෂ අවධානයක් දිනාගත් අවස්ථාවක් වූයේ සුපිරි නළු රජිනිකාන්ත් විසින් ලබාදුන් මාලයක් අනිරුද් විසින් කාව්‍යාගේ ගෙලට පැළඳවීමයි. එමෙන්ම ඩී.එම්.කේ. පක්ෂ නායක එම්.කේ. ස්ටාලින් විසින් කාව්‍යා මාරන් වෙත ලබාදුන් මාලයක් ද අනිරුද් විසින් ඇයට පැළඳවූ බව සඳහන් වේ.
Times of India වාර්තාවකට අනුව, ග්‍රීසියේ සුප්‍රසිද්ධ Four Seasons Astir Palace හෝටලයේදී මෙම විවාහ උත්සවය පවත්වා තිබේ.
චෙන්නායි සිට පවුල් හතරක් සඳහා වෙන වෙනම ගුවන් ගමන් සංවිධානය කර තිබූ බවත්, ආරාධිතයන්ගේ ගුවන් ගමන්, නවාතැන් පහසුකම් ඇතුළු සියලු වියදම් සඳහා ඉන්දීය රුපියල් කෝටි 100ක පමණ මුදලක් වැය වී ඇති බවත් එම වාර්තාවේ දැක්වේ.
එපමණක් නොව, නොවැම්බර් 21 වැනිදා චෙන්නායිහි සුපිරි හෝටලයක පැවැත්වීමට නියමිත පිළිගැනීමේ උත්සවයේ වියදම ද එකතු කළහොත් සමස්ත විවාහ වියදම ඉන්දීය රුපියල් කෝටි 150ක් පමණ දක්වා ඉහළ යා හැකි බවට ද වාර්තා පළ වී තිබේ.
කෙසේ වෙතත්, මෙම විවාහ මංගල්‍යය සඳහා කෝටි 100ක මුදලක් වැය වූ බවට අනිරුද් හෝ කාව්‍යාගේ පවුල් දෙක විසින් මෙතෙක් නිල වශයෙන් තහවුරු කර නොමැත.
මේ අතර, කලනිති මාරන්ගේ පවුල සතු විශාල ධනය සැලකිල්ලට ගනිමින් මෙවැනි වියදමක් දැරීම ඔවුන්ට එතරම් ගැටලුවක් නොවනු ඇති බවට ද විවිධ අදහස් පළ වී තිබේ.
විවාහ චාරිත්‍රය ගැනත් අලුත් කතාබහක්
So, it looks like a non-Vedic, self-respect marriage. Am I right? https://t.co/fVF2JpUl61
— முனைவர். கணேசு ガネス (@DrGanesh_Japan) November 12, 2026
මේ අතර, විවාහ මංගල්‍යයේ ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමත් සමඟ මෙම විවාහය සාම්ප්‍රදායික ආගමික චාරිත්‍රවලින් බැහැර වූ 'ස්වයං ගෞරව විවාහයක්' (Self-Respect Marriage) බවට සිනමා රසිකයන් අතර කතාබහක් ඇති විය.
එම අදහස තවදුරටත් අවධානයට ලක්වූයේ ඩී.එම්.කේ. සාමාජික ටී.ආර්.බී. රාජා ද X සමාජ මාධ්‍ය ඔස්සේ මෙම විවාහය ස්වයං ගෞරව විවාහයක් බව සඳහන් කිරීමත් සමඟය.
සාම්ප්‍රදායික වේද චාරිත්‍ර අනුව විවාහය සිදුවනු ඇතැයි අපේක්ෂා කළ පිරිසට මෙය විශේෂත්වයක් වූ අතර, අනිරුද් සහ කාව්‍යාගේ විවාහ චාරිත්‍රය මෙන්ම ඒ වෙනුවෙන් වැය වූ බව කියන අතිවිශාල මුදල ද මේ වන විට ඉන්දීය සිනමා රසිකයන් අතර දැඩි කතාබහට ලක්ව තිබේ.


