අධික සීතල නිසා යාපනයේ සතුන් 1400ක් මිය යයි.(PHOTOS)
උතුරු පළාතට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇති වූ අධික සීතල දරාගත නොහැකිව අද (දෙසැ. 11) දින වන විට ගවයින් දහසකට අධික සංඛ්‍යාවක් සහ එළුවන් 1400 කට ආසන්න සංඛ්‍යාවක් මිය ගොස් ඇතැයි උතුරු පළාත් පශු සම්පත් නිෂ්පාදන සෞඛ්‍ය අධ්‍යක්ෂක සී. වසීකරන් පවසයි.
ගවයින් සහ එළුවන් විශාල සංඛ්‍යාවක් එකවර මිය ගිය පළමු අවස්ථාව මෙය වන අතර මේ හේතුවෙන් හිමිකරුවන්ට රුපියල් කෝටි 50කට ත් අධික පාඩුවක් සිදුවී ඇතැයි ද වාර්තා වී ඇත. ගවයින් සහ එළුවන්ට අමතරව කුකුළන්, සුනඛයින් ආදී කුඩා සතුන් ද විශාල සංඛ්‍යාවක් අධික සීතල හේතුවෙන් මිය ගොස් ඇති අතර ම එලෙස මිය ගිය සංඛ්‍යාව නිශ්චිතව මේ දක්වා වාර්තා වී නොමැති බවට ද උතුරු පළාත් ආපදා කළමනාකරණ කාර්යාල පැවසීය.
ඒ අනුව, අධික සීතල හේතුවෙන් වැඩි ම ගවයින් සංඛ්‍යාවක් මිය ගොස් ඇත්තේ, මුලතිව් දිස්ත්‍රික්කයේ වන අතර එහි ගවයින් 700ක, එළුවන් 210ක, කිලනොච්චියේ ගවයින් 210ක, එළුවන් 30ක සහ යාපනයේ ගවයින් 110ක සහ එළුවන් 150කගේ සිරුරු හමු වී ඇත.
තව ද කැලෑ වැදුණු සතුන්ගේ සිරුරු ද හමු වී තිබේ.
පවතින කාලගුණික තත්ත්වය ඉදිරියට ද පැවතියහොත් සතුන්ගේ මිය යාම තව ත් වැඩිවිය හැකි බවට ත් හැකි අයුරින් සතුන් උණුසුම් ස්ථානවල රඳවා තබන ලෙසට ද උතුරු පළාත් ආපදා කළමනාකරණ ඒකකයන් ජනතාවට දැනුම් දී ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |

