ශ්‍රී ලංකාවට සිදුවූ දේ ගැන මැතිවුස් ගෙන් විශේෂ හෙළිදරව්වක්..

Angelo Mathews Cricket Sri Lanka Cricket 2024 T20 World Cup Cricket Tournament
By Aruna Jun 16, 2024 05:27 AM GMT
Report

කණ්ඩායමක් වශයෙන් මුළු රටෙන්ම සමාව ඉල්ලන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් පවසනවා.

කණ්ඩායමේ බලාපොරොත්තු සහ රටේ බලාපොරොත්තු විනාශ වීම ගැන ඔවුන් කනගාටුවෙන් සිටින බවයි, මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇන්ජලෝ මැතිව්ස් පවසා සිටියේ.

20T ලෝක කුසලානයේ ශ්‍රී ලංකා කණ්ඩායම ගැන ICC යෙන් විශේෂ දැනුම්දීමක්..

20T ලෝක කුසලානයේ ශ්‍රී ලංකා කණ්ඩායම ගැන ICC යෙන් විශේෂ දැනුම්දීමක්..


එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇන්ජලෝ මැතිව්ස්,

"අපි බොහොමත්ම කනගාටු වෙනවා කණ්ඩායමක් විදිහට අපේ බලාපොරොත්තු සහ රටේ බලාපොරොත්තු විනාශ වුණා අපි බොහොමත් කනගාටුවෙනවා.

අපි සමාවෙන්න කියලා ඉල්ලනවා. අපි මෙතනට ආපු කටයුත්ත කරගන්න බැරි වුණා කණ්ඩායමක් විදිහට. අපි ගහපු තරග දෙකේදිම අපේ පිතිකරුවන් තමයි පසුබෑමකට ලක් වුණේ.

පන්දු යවන්න සහ පන්දු රකින්නන් ඉතාමත්ම හොඳට ඒ ගහපු ඒ සුළු ලකුණු ප්‍රමාණයෙන් පවා හොඳ තරගයක් ලබාදුන්නා ඒ තරග දෙකේදීම.

නමුත් අවසනාවකට අපිට ජයගන්න බැරි වුණා. මේ වගේ තරගාවලියකිදී එක තරගයක් හෝ පරාජය වුණොත් මම හිතන්නේ ඉතාමත්ම අමාරුයි ඉදිරියට එන්න.

අපි පළමු තරග දෙකෙන්ම පරාජය වුණාට පස්සේ ඉතාමත් අමාරු වුණා. ඒ වගේම අවාසනාවකට නේපාල තරගයටත් වැස්සෙන් බාධා එල්ල වුණා.

ඉන්ධන මිල විශාල ප්‍රමාණයකින් අඩු කරන්න පුළුවන්..තව සති 02කින් අඩු කරයි?..

ඉන්ධන මිල විශාල ප්‍රමාණයකින් අඩු කරන්න පුළුවන්..තව සති 02කින් අඩු කරයි?..


අපිට ඉතුරුවෙලා තියෙන්නේ එක තරගයයි. ඒ තරගය හොඳින් ක්‍රීඩා කරලා එක් ජය ගන්න බලාපොරාත්තු වෙනවා.

අපිට ගොඩක් සහාය දෙනවා අපේ ප්‍රේක්ෂකයින් අපි බොහොමත් කනගාටුයි ඔවුන්ට කිසිදෙයක් ලබාදෙන්න බැරි වුණ එක ගැන.

අපිට කියන්න තියෙන්නේ එකම දෙයයි. සමාවෙන්න කියලා. අපි කවුරුත් තරගයක් පරදින්න බලාපොරොත්තු වෙන්නේ නෑ.

අපි හැමතිස්සේම ජයගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපිට ඒදේ කරගන්න බැරි වුණා මේ තරගාවලියේදී."

Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%