ලෝකේ හැමෝම කතාවෙන ඉන්දියාවේ විවාහය...
යුගයේ වැඩිම පිරිවැයක් දැරූ විවාහ මංගල උත්සවය වනු ඇතැයි පැවසෙන ඉන්දීය ප්‍රකට ධන කුවේරයෙකු වන මුකේෂ් අම්බානිගේ පුතු වන ආනන්ත් අම්බානි සහ රාධිකා මර්චන්ට්ගේ දින 03ක විවාහ මංගල්‍ය උත්සවය අති උත්කර්ශවත්ව මේ වන විට පැවැත්වෙනවා.
එය ජියෝ ජාත්‍යාන්තර සම්මේලන මධ්‍යස්ථානයේදීඊයේ ආරම්භ වුණා. ඊයේ දිනයේත් ලෝකප්‍රකට ජනප්‍රිය තරු රැසක් මෙන්ම ලෝකයේ ප්‍රමුඛපෙළේ ව්‍යාපාරිකයින් එක්ව සිටියා.
ආනන්ත් රාධිකා දෙන්නගේ විවාහයට ඉන්දීය රුපියල් කෝටි 5,000 ඉක්මවූ මුදලක් වැය වී ඇති අතර එය මුකේෂ් අම්බානිගේ පූර්ණ වත්කමෙන් සියයට 0.5ක් පමණයි. මේ වන විට මෙම විවාහය මුළු මහත් ලෝකයේම අවදානය දිනාගෙන අවසන්.
අමෙරිකානු රූපවාහිනි වැඩසටහන් ඉදිරිපත් කරන්නියක් මෙන්ම නිළියක්ද වන කිම් කාර්ඩෂියන් ද එයට ඊයේ එක්වීම කාගෙත් අවදානයට ලක්වුණා නයිජීරියානු ගායකයෙකු මෙන්ම රැප් සංගීත රචකයෙකු වන රෙමා ද විවාහ මංගල්‍යයට ආරාධනා ලැබූ අතර ඔහුගේ ඉදිරිපත් කිරීම වෙනුවෙන් ඩොලර් මිලියන 3කට අදික මුදලක් වැය කර ඇති බවයි වාර්තා වන්නේ.
අප්‍රිකානු ගායකයෙකු උත්සව අවස්ථාවක දී ගායනය සඳහා අය කළ ඉහළම මුදල ලෙසින් එය වාර්තා අතරටද එක්වුණා.
යුගයේ වඩාත්ම පිරිවැයක් දැරූ විවාහ මංගල්‍ය උත්සවය ලෙස වාර්තා අතරට එක්වන ආනන්ත් - රාධිකා විවාහ මංගල්‍යයට නාමල් රාජපක්ෂ සහ මහේල ජයවර්ධන යන මහත්වරුන්ද එක්වී සිටියා.
විවාහයට ආරාධනා ලැබූ දෙස් විදෙස් ආරාධිතයින්ට උත්සව අවස්ථාවට එක්වීම සඳහා ප්‍රවාහන පහසුකම් සැලසීම වෙනුවෙන් අම්බානි පවුල ෆැල්කන් ටූ තවුසන්ඩ් ජෙට් යානා තුනක් කුලියට ගෙන තිබුණා.