ශ්‍රී ලංකාවේ ගුවන් ගමන් පිළිබඳ නවතම තොරතුරු

Bandaranaike International Airport Middle East Latest Headlines Iran Nuclear Sites Israel-Iran conflict
By Shehan Jun 24, 2025 04:38 AM GMT
Report

ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් නිවේදනය කරන ලද පරිදි, කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ සියලු ගුවන් ගමන් අද (24) සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වනු ඇත.

එම අධිකාරිය පවසන පරිදි, පවතින තත්ත්වයන් හේතුවෙන් ඇතැම් ගුවන් ගමන්වලට සුළු ප්‍රමාදයන් සිදුවිය හැකි වුවද, සැලසුම් කර ඇති සියලු ගුවන් ගමන් නිසි පරිදි සිදු කිරීමට අවශ්‍ය කටයුතු සිදු කර ඇත.

මෙමඟින් ගුවන් මගීන්ට සහ ගුවන් සමාගම්වලට බාධාවකින් තොරව සේවාවන් ලබා ගැනීමට හැකි වනු ඇති බව අධිකාරිය විසින් අවධාරණය කර ඇත.