බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයේ සැකකරුට නියෝගයක්..!

Sri Lanka Police Sri Lanka Police Investigation Crime Gun Shooting
By Sewvandhi Jan 25, 2024 04:35 PM GMT
Report

ඊයේ (25) අධිකරණය බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු තවදුරටත් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර දී තිබේ.

අදාළ සැකකරුව අද දින දෙයියන්දර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණු අතර එහිදී මේ මස 27වන දින දක්වා සැකකරු සම්බන්ධයෙන් රැදවුම් නියෝග ලබාගෙන ඇත.

පෙරේදා (24) අකුරැස්ස, බංගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරිම්වලදී තවත් වැදගත් කරුණු රැසක් අනාවරණ වී තිබේ.එම පුද්ගලයා මෙම ප්‍රහාරය මෙහෙයවූ ප්‍රධානියා බවට සැක කෙරෙනවා.

සමන් කුමාර නම් 55 හැවිරිදි සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී හෙළිවූ තොරතුරු වලට අනුව යතුරුපැදියක් හා වෑන් රථයක් ද පොලීසිය සොයාගෙන ඇත.

ඒ හක්මන පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් . පොලීසිය සැකකරන්නේ, මාතර කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පණ්ඩුල වීරසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ ය.  ප්‍රහාරය සඳහා යොදාගත් ටී 56 වර්ගයේ ගිනි අවි දෙක බැහැර කිරීමට අදාළ යතුරුපැදිය ‍යොදාගෙන ඇති බවය.

අපරාධයෙන් පසුව සැකකරුවන්ට සැඟවී ගමන් කිරීමට අදාළ වෑන් රථය සූදානම් කර තිබූ බව පොලීසිය සැකකරයි. එමෙන්ම වෙඩික්කරුවන් පැමිණි ජීප් රථයේ සිටි එක් වෙඩික්කරුවෙක් අකුරැස්ස ප්‍රදේශයෙන් බස්සවා ඇති අතර තවත් වෙඩික්කරුවෙකු කඹුරුපිටිය ප්‍රදේශයෙන් බස්සවා ඇති බවට පොලීසිය කරුණු අනාවරණ කරගෙන ඇත.

සැකකරු ප්‍රශ්න කිරීම් හමුවේ අනාවරණ කර ගෙන තිබෙන්නේ, ඝාතන කොන්ත්‍රාත්තුව ලබාදුන් ඩුබායිහි සිටින පාතාල කල්ලි සාමාජිකයෙකු විසින් අනෙක් වෙඩික්කරුවන් තමාට සම්බන්ධ කළ බවත්, තංගල්ල අධිකරණය අසලදී ප්‍රහාරය එල්ල කිරීමට සැලසුම්කර තිබූ බවත්ය.

Sponsored By Sarrita Jewellery

බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයේ සැකකරුට නියෝගයක්..! | An Order To The Suspect In The Murder Of Beliatta