පොලී අනුපාතික සම්බන්ධයෙන් මහ බැංකුවෙන් නියෝගයක්. (PHOTOS)

Central Bank of Sri Lanka Sri Lanka Economy of Sri Lanka
By krishani Aug 25, 2023 06:04 PM GMT
Report

රුපියල මත පදනම් වූ ණය සඳහා අයකළ හැකි උපරිම පොලී අනුපාතිකය හෙළි කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නියෝගයක් නිකුත් කර ඇත.

ඒ අනුව මහ බැංකුව නිකුත් කළ නියෝගයේ සඳහන් වන්නේ, සියළුම වාණිජ බැංකු ණය සේවා කිහිපයක පොලී අනුපාතික පහත දැක්වෙන පරිදි අවම අනුපාතික දක්වා හෝ පහළ දැමිය යුතු බවයි.

01. උකස් මත ලබා දෙන ණය සඳහා 18% වාර්ෂික පොලී අනුපාතිකය දක්වා පහළ දැමිය යුතුය.

02. බැංකු අයිරා (OD) සඳහා අයකරන වාර්ෂික ණය පොලී අනුපාතිකය 23%ක් දක්වා පහළ දැමිය යුතුය.

03. ණයපත් (Credit Card) හරහා මුදල් අත්තිකාරම් ලබා ගැනීමේ දී අයකරන වාර්ෂික පොලී අනුපාතිකය 28%ක් දක්වා පහළ දැමිය යුතුය.

එම නියෝගය පහතින්,

GalleryGalleryGallery