මෙරට තරුණ තරුණියන් රට යවන්න පෞද්ගලික අංශයට රජයෙන් අනුමැතිය දෙයි..මෙන්න සුපිරි අවස්ථාවක්..

Manusha Nanayakkara Government Of Sri Lanka Foreign Employment Bureau Ministry of Foreign Affairs - sri lanka
By Aruna Feb 20, 2024 03:20 AM GMT
Report

ඊශ්‍රායලයේ කෘෂිකර්ම අංශයේ රැකියා සඳහා ලාංකිකයන් යොමු කිරීමේ අවස්ථාව පෞද්ගලික අංශයටද ලබාදීමට රජය තීරණය කර තිබෙන බව වාර්තා වනවා.

මෙතෙක් කලක් ඊශ්‍රායලයේ කෘෂිකර්ම අංශයේ රැකියා සඳහා ලාංකිකයන් යොමු කරනු ලැබුවේ විදේශ රැකියා අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසිනි.

ඊශ්‍රායලයේ කෘෂිකර්ම අංශයේ රැකියා අවස්ථා ලබාදීමට පෞද්ගලික විදේශ රැකියා නියෝජිතායතනවලට අවසර දෙමින් විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් ඉකුත් සතියේදී චක්‍රලේඛයක්ද නිකුත් කර තිබුණා.

එම චක්‍රලේඛයට අනුව මෙරට කාන්තාවන්ටද ඊශ්‍රායලයේ කෘෂිකර්ම අංශයේ රැකියා සඳහා යොමුවීමට අවස්ථාව ලැබී තිබීම ද විශේෂත්වයක්.

හමාස් ගරිල්ලන්ගේ ප්‍රහාර හේතුවෙන් විනාශ වූ සිය රට ගොඩනැගීමේ පියවරක් වශයෙන් එරට කෘෂිකර්මාන්තය ගොඩනැංවීමට ඊශ්‍රායල් රජය කටයුතු යොදා තිබෙන පසු බිමක මෙම අවස්ථා හිමිව තිබේ.

ඒ අනුව ඊශ්‍රායල් රජය විසින් කෘෂිකර්මාන්ත අංශයේ රැකියා 10,000ක් ශ්‍රී ලංකාවට ලබාදී තිබෙන අතර, එම රැකියා සඳහා මෙතෙක් අවස්ථාව හිමිවුණේ රාජ්‍ය අංශය හරහා පමණක් වන අතර, එය මේ වනවිට පෞද්ගලික අංශයටද විවර වී තිබීම විශේෂත්වයකි.