දේශබන්දු එරෙහිව ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්. - රතු නිවේදනයත් සමඟ පාතාලය කුපිත වෙයි.
දේශබන්දු තෙන්නකෝන් වැඩබලන පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සැලසුම් කර ඇති බව බුද්ධි අංශ අනාවරණ කරගෙන ඇති බවයි වාර්තා වන්නේ.
ඒ, අනුව ඩුබායි සිට මෙරටට ගෙන එන ලද පියුමා නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු විසින් කර ඇති ප්‍රකාශ මත පදනම්ව සකස් කළ බුද්ධි අංශ වාර්තාවක් ජනාධිපති කාර්යාලයට දී ඇත.
මේ අතර මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් සහ වැඩබලන පොලිස්පතිවරයා ඝාතනය කර හෝ යුක්තිය මෙහෙයුම නතර කර ගැනීමටද ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සැලසුම් කර ඇති බව හෙළි වී තිබෙනවා.
වැඩබලන පොලිස්පතිවරයාගේ නිල කාලය ලබන 26 සඳුදා අවසන් වීමට නියමිත අතර ඔහු පත් කරනු ලැබුවේ මාස තුනක කාලයකටයි.
මෙලෙස යුක්තිය මෙහෙයුම ආරම්භයේ පටන් මහජන ආරක්ෂක ඇමැතිවරයාට මෙන්ම මත්ද්‍රව්‍ය ජාලයට හා පාතාලයට එරෙහිව විමර්ශන කළ පොලිස් නිලධාරින් රැසකටම විදෙස්ගත පාතාල කල්ලිවලින් තර්ජන එල්ල වී ඇත.
අනාවරණය වී ඇති කරනු වලට අනුව මත්ද්‍රව්‍ය ජාලය හා බැඳුණු විදෙස්ගත පාතාල කල්ලි ඩුබායි හා ඉන්දියාවෙන් ඔබ්බට තම කණ්ඩායම් යවමින් ජපානය, ඉතාලිය, ප්‍රංශය, ඩෙන්මාර්කය, ස්පාඤ්ඤය, ජර්මනිය, එංගලන්තය හා සෞදි අරාබියට පාතාල කණ්ඩායම් ව්‍යාප්ත කර ඇති බව සඳහන්.
එමෙන්ම ඩුබායි හා ඉන්දියාවේ සිටින පාතාල හා මත්ද්‍රව්‍ය ජාවාරමුන්ට එරෙහිව ජාත්‍යන්තර රතු නිවේදන 32 ක් මේ වන විට ලබා ගැනීමත් සමඟ පාතාල කණ්ඩායම් යුරෝපා රටවලට පැනගොස් බලය පතුරුවන්නට පටන්ගෙන ඇති බවද බුද්ධි අංශ පවසනවා.