කවුරුත් නොසිතූ අමුත්තෙක් සිරගෙදරට එයි - රැඳවියෙකුටත් පහර දෙයි..
ඊයේ (22) සවස බන්ධනාගාරයෙහි එළිමහන් සිර කඳවුරෙහි සිටි රැඳවියකු බන්ධනාගාර වගා භූමියෙහි සිටින අවස්ථාවෙහි එහි රැඳී සිටි කිඹුලෙකුගේ පහර කෑමට ලක්ව ඇත.
එනම්, අනුරාධපුර බන්ධනාගාරයෙහි එළිමහන් සිර කඳවුරෙහි සිටි රැඳවියකු බන්ධනාගාර වගා භූමියෙහි සිටින අවස්ථාවෙහි එහි රැඳී සිටි කිඹුලෙකුගේ පහර කෑමට ලක්ව තිබෙනවා.
ඉන්පසුව, එම ස්ථානයේ සිටි බන්ධනාගාර නිලධාරීන් සහ රැඳවියන් සමග ඔහු බේරාගෙන අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කර තිබේ.
මෙම සපා කෑමෙන්, රැඳවියාගේ ගෙල,අත හා පාදයට තුවාල සිදුවී තිබේ.
බන්ධනාගාරය ආසන්නයෙන් ගලා බසින මල්වතු ඔයෙහි සිටින කිඹුලකු මෙසේ බන්ධනාගාර භූමියට පැමිණ සිටි ඇති අතර එහි සිටින කිඹුලන් නිසා මල්වතු ඔය දෙපස සිටින ජනයාගේ ජීවිත වලටද දැඩි අවදානමක් පවතී.
ගම්වාසීන් පවසන්නේ, සංචාරක කර්මාන්තය දියුණු කිරීමේ අරමුණින් මල්වතු ඔයෙහි බෝට්ටු සේවාවක්ද ආරම්භ කර ඇති අතර ඒ සඳහා පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ගේ ජීවිත ද ඉතා අවදානමකට ලක් වීමට ඉඩකඩ ඇති බවයි.
Sponsored By Sarrita Jewellery