ලෝක කුසලාන ඕස්ට්‍රේලියානු ජයග්‍රහණය පිටුපස ප්‍රබල ඉන්දියානු කාන්තාවක්..රහසිගත තොරතුරු රැසක් හෙළිවෙයි(PHOTOS).

Cricket Indian Cricket Team Australia Cricket Team International Cricket Council
By Aruna Nov 24, 2023 04:46 AM GMT
Report

සත්කාරක ඉන්දියාව පරදවා ලෝක කුසලානය දිනාගත් ඔස්ට්‍රේලියාවේ ජයග්‍රහණය පසුපස ඉන්දීය කාන්තාවකගේ දැවැන්ත සහයෝගයක් ලැබී ඇති බවට තොරතුරු රැසක් අනාවරණය වී තිබෙනවා.

ඉන්දියාව පිළිබඳ ඉතා හොඳින් දන්නා, හින්දි, ඉංග්‍රීසි ඇතුළු භාෂා ගණනාවක් චතුර ලෙස කතා කිරීමේ හැකියාව ඇති මේ ඉන්දියානු ජාතික කාන්තාවගෙන් විශාල තොරතුරු ප්‍රමාණයක් ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයන් ලබාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඔස්ට්‍රේලියානුවන් ලෝක කුසලානය ජය ගැනීමට කෙතරම් දිගු කලක සිට සැලසුම් කර ඇත්ද යන්න මෙය හොඳම උදාහරණයක් බවයි විචාරකයින් පවසන්නේ.

ඉන්දියාවේ කර්නාටක ප්‍රාන්තයේ මංගලෝරු නම්වූ ගම්මානයේ උර්මිලා රොසාරියෝ නමැති ඉන්දීය ජාතික කාන්තාව විශාල වැටුපක් ගෙවා ඔස්‍ට්‍රේලියානු කණ්ඩායමේ කළමනාකාරිය ලෙස බඳවාගෙන ඔවුන්ට අවශ්‍ය තොරතුරු මාස ගණනක් තිස්සේ රැස් කර ගෙන තිබීම විශේෂත්වයක්.

ලෝක කුසලාන ඕස්ට්‍රේලියානු ජයග්‍රහණය පිටුපස ප්‍රබල ඉන්දියානු කාන්තාවක්..රහසිගත තොරතුරු රැසක් හෙළිවෙයි(PHOTOS). | An Indian Corner Behind Australia S Win

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කළමනාකාරීත්වය ජයග්‍රහණය වෙනුවෙන් කල් තියා ඉතා සූක්ෂ්ම සැලසුම් දියත්කොට ඇති බවයි මේ අනුව පැහැදිළි වන්නේ.

ජයග්‍රහණයෙන් පසු ඔස්ට්‍රේලියානු කණ්ඩායම අනාවරණය කළේ, උර්මිලා මුළු තරගාවලිය පුරා ඔස්ට්‍රේලියානු පිලේ කළමනාකාරිය ලෙස කටයුතු කරමින් දැවැන්ත සහයෝගයක් ලබා දුන් බවයි.

ලෝක කුසලාන ඕස්ට්‍රේලියානු ජයග්‍රහණය පිටුපස ප්‍රබල ඉන්දියානු කාන්තාවක්..රහසිගත තොරතුරු රැසක් හෙළිවෙයි(PHOTOS). | An Indian Corner Behind Australia S Win

ලෝක මට්ටමේ ක්‍රිකට් කණ්ඩායමක් කළමනාකරණය කිරීම දක්වා පැමිණි ගමන, ඇයගේ කැපවීම සහ නායකත්වය පිළිබඳ ආදර්ශයක් මෙන්ම ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ජයග්‍රහණයට අවශ්‍ය සම්පත් රැස් කර ගැනීම විශේෂත්වයක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ .

ඇයගේ අවසරය නැතිව ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයන්ට තරගාවලිය අතරතුරදී කිසිදු පෞද්ගලික ගමනක් යෑමට හැකියාව ලැබී නැතැයි පැවසෙන අතර, එමෙන්ම කළමනාකාරීත්වයේ අණසක යටතේ ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ විනය උපරිම මට්ටමක පවත්වා ගැනීමට හැකියාව ලැබී ඇත.

මංගලෝර් ගම්මානයේ කින්නිගෝලීහි වෙසෙන ඉවී සහ වැලන්ටයන් යන ඉන්දීය මවුපියන්ගේ 34 හැවිරිදි දියණිය වන උර්මිලා ව්‍යාපාර පරිපාලනය පිළිබඳ උපාධිය සම්පූර්ණ කර ඇති අතර, ඇගේ මවුපියන් ඉන්දියාවේ සක්ලේෂ්පූර්හි කෝපි වත්තක් රැකබලා ගනිමින් ජීවත් වීම සුවිශේෂිය.

ලෝක කුසලාන ඕස්ට්‍රේලියානු ජයග්‍රහණය පිටුපස ප්‍රබල ඉන්දියානු කාන්තාවක්..රහසිගත තොරතුරු රැසක් හෙළිවෙයි(PHOTOS). | An Indian Corner Behind Australia S Win

කුඩා කල සිටම විවිධ ක්‍රීඩාවලට සහභාගි වූ උර්මිලා කටාර් ටෙනිස් පදනමේ වසර තුනක් සේවය කළ අතර, පසුව ඔස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් වසර තුනක් සේවයේ යෙදී තිබෙන බවයි පැවසෙන්නේ.

මේ අතර ඇයට ඔස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකාරිනිය ලෙස කටයුතු කිරීමේ අවස්ථාව හිමි වූ අතර, පසුගිය පාපන්දු ලෝක කුසලාන තරගාවලියේදී ක්‍රිකට් ක්‍රීඩාවෙන් විවේකයක් ගෙන මාස හතරක් කටාර් පාපන්දු ක්‍රීඩාංගණයක කළමනාකරණ කටයුතුවල නිරතව ඇත.

ඉන් පසුව ඇය නැවත ඔස්ට්‍රේලියාවට පැමිණි පසු ඔස්ට්‍රේලියානු පිරිමි ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකාරිනිය ලෙස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ වගකීම පැවරී තිබෙනවා.

ලෝක කුසලාන ඕස්ට්‍රේලියානු ජයග්‍රහණය පිටුපස ප්‍රබල ඉන්දියානු කාන්තාවක්..රහසිගත තොරතුරු රැසක් හෙළිවෙයි(PHOTOS). | An Indian Corner Behind Australia S Win

ලෝක කුසලාන පිරිමි කණ්ඩායම සමඟ සිටි උර්මිලා දැන් නැවතත් කාන්තා කණ්ඩායමේ කළමනාකාරිත්වය අරඹන බව සඳහන් කරන අතර, ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම මේ දෙසැම්බර් මාසයේදී ඉන්දියාවට පැමිණීමට නියමිතය.