විදුලි බල මණ්ඩලයේ සේවකයෙක්ට සිදු වූ අවාසනාවන්ත ඉරණම..
                                    
                    Ceylon Electricity Board
                
                                                
                    Accident
                
                                                
                    Death
                
                        
        
            
                
                By Aruna
            
            
                
                
            
        
    විදුලි රැහැන් කණුවක් ඇඟ මතට වැටී පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.
හඟුරන්කෙත පොලිස් වසමේ මැදගම ප්‍රදේශයේදී, ඊයේ (20) දහවල් මෙම අනතුර සිදුවී ඇති බවයි පැවසෙන්නේ.
ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයට අයත් ලොරි රථයකින් විදුලි රැහැන් කණු රැගෙනවිත් ලොරි රථයෙන් ඉවතට ගනිමින් සිටියදී විදුලි රැහැන් කණුවක් සේවකයෙකුගේ ඇඟ මතට වැටීමෙන් මෙම මරණය සිදුවී තිබේ.
මියගොස් ඇත්තේ 23 හැවිරිදි අඹගමුව උඩබුලත්ගම පදිංචි කොන්ත්‍රාත් පදනම මත විදුලිබල මණ්ඩලයේ සේවය කළ පුද්ගලයෙක් බවයි පැවසෙන්නේ.
 සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරයි.
 
                 
                 
                                             
     
     
        
     
     
     
     
    