ප්‍රබල භූ කම්පන තත්ත්වයක් - එහි නවතම තත්ත්වය ගැන දැනුම්දීමක්..
Earthquake
Latest Headlines
By krishani
රිච්ටර් මාපක 6.1 ක ප්‍රබලත්වයකින් යුත් භූමිකම්පාවක් ග්වාතමාලාවේ සිදුව තිබෙනවා.
සිදු වූ එම අනතුරෙන් කිසිදු ජීවිත හානියක් හෝ දේපල හානියක් වාර්තා වී නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
එය රටේ දකුණට මෙන්ම ග්වාතමාලා අගනුවරට කිලෝමීටර් 45ක් නිරිත දෙසින් පිහිටි යුනෙස්කෝ ලෝක උරුම නගරයක් වන ඇන්ටිගුවා ග්වාතමාලාවට ද දැනුණු බව ග්වාතමාලාවේ භූ කම්පන විද්‍යා ආයතනය සඳහන් කළේ ය.
කෙසේ වෙතත්, ග්වාතමාලාව බොහෝ විට භූමිකම්පාවලට ගොදුරු වන්නේ කැරිබියන් සහ කොකෝස් භූ තැටි හමු වන ස්ථානයේ පිහිටීම හේතුවෙන් බව සඳහන් වේ.
Sponsored By Sarrita Jewellery