ලංකාව පුරා විශාල භාණ්ඩ වෙන්දේසියක්..වාහන,රත්‍රන් ඇතුලු භාණ්ඩ රැසක් ඒ අතර..
Dr Wijeyadasa Rajapakshe
Department of Prisons Sri Lanka
Prisons in Sri Lanka
By Aruna
හිමිකරු වෙත නිදහස් කළ නොහැකි නඩු භාණ්ඩ වෙන්දේසි කිරීමට රජය සැලසුම් කර තිබෙන බව වාර්තා වනවා.
එම මුදල් නඩුවට අදාළ ගිණුමක තැන්පත් කර නඩුව අවසන් වූ පසු ඉදිරි පියවර ගන්නා බවයි, අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටියා.
ඒ අනුව, අදාළ නඩු භාණ්ඩය හිමි පුද්ගලයා නඩුව ජයග්‍රහණය කළ හොත් ඔහුට හෝ ඇයට ද, නඩුව පරාජය වුවහොත් අදාළ
මුදල රාජසන්තක කිරීම ද සිදුවනු ඇති බවයි පැවසෙන්නේ.
නඩු විභාගයන් සඳහා දිගු කලක් වැයවීම හේතුවෙන් බොහෝ නඩු භාණ්ඩ විනාශ වී යාම පිළිබඳ සලකා බලා මෙම තීරණය ගත් බවයි අමත්‍යවරයා සඳහන් කළේ.
මේ අනුව, ඊට අදාළ නීති කඩිනමින් සකස් කර කැබිනට් අනුමැතියට යොමු කිරීමට නියමිතව ඇත.