බසයට නැග්ග මගියෙක්ගෙ කොන්දා කන කාලා ගිලලා.. - කන අතගාලා බලද්දි දැනගෙන තියෙන්නෙ නෑ කියලා..
ඊයේ (17) රාත්‍රි කොළඹ සිට අවිස්සාවේල්ල දක්වා ධාවනය වූ බස් රථයක් තුලදී කොකොන්දොස්තරවරයෙකු සහ මගියකු අතර බහින්බස් වීමක් සිදු වී තිබෙනවා.
ඒ අතරතුර කොන්දොස්තරවරයා මගියාගේ දකුණු කණෙහි කොටසක් සපා කා කඩාගෙන ගිල දමා ඇති බව මීගොඩ පොලිසිය සඳහන් කළේ ය.
අදාළ මගියා නාවින්න ප්‍රදේශයෙන් එම පෞද්ගලික බස් රථයට ගොඩ වී ඇත.
ගොඩගම දක්වා බස් රථයට මුදල් ලබා දී ඔහු රියදුරු අසුන අසල සිටගෙන පැමිණ ඇති අතර එහිදී කොන්දොස්තරවරයා කිහිපවරක් මගියාට බස් රථයේ පිටුපසට යන ලෙස දැනුම් දී තිබෙනවා.
එහිදී ඇති වූ බහින්බස් වීමකදී කොන්දොස්තර මගියාට පහර දී කණෙන් කොටසක් සපා කා ගිල දමා ඇත.
මෙම සිදුවීම මහරගම ගුරු විද්‍යාලය ආසන්නයේ දී සිදුවී ඇති අතර හෝමාගම නගරයට ලංවන අවස්ථාවේ දී මගියාගේ කණෙහි කොටසක් නොමැති බව තවත් මගියකු පවසා තිබෙනවා.
ඒ අනුව ඔහු විසින් ඔහුගේ කණ අත ගා බැලීමේදී කණෙහි කොටසක් අඩු බව දැනගෙන ඇත.
පසුව අදාල මගියා මීගොඩ පොලිසිය අසලින් බස් රථය නවත්වා මේ පිළිබදව මීගොඩ පොලිසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
ඒ අනුව කොන්දොස්තරවරයා මීගොඩ පොලිසියේ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගත් අතර තුවාල ලැබූ මගියා රෝහල් ගත කර තිබෙනවා.
මෙලෙස අත් අඩංගුවට පත්ව ඇත්තේ කොළඹ අවිස්සාවේල්ල පෞද්ගලික බස් රථයක කොන්දොස්තරවරයෙකු වේ.
කෙසේ වෙතත්, ගල්ගමුව ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 25 හැවිරිදි පුද්ගලයෙක් වන ඔහු වැඩිදුර පරීක්ෂණ සදහා මහරගම පොලිසිය වෙත භාර දීමට නියමිතයි.