බළලා මල්ලෙන් එළියට පනී ? - ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් නිවේදනයක්.

Sajith Premadasa Sri Lanka Cricket Sri Lanka International Cricket Council Shammi Silva
By Wayomi Nov 19, 2023 09:10 AM GMT
Report

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඊයේ පාර්ලිමේන්තුවේදී සභාගත කළ ලිපිය හා ක්‍රිකට් පරිපාලනය සම්බන්ධයෙන් දැක්වූ අදහස්වලට ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ, අනුව ඔවුන් පවසන්නේ , ක්‍රිකට් සඳහා යම් දුෂ්කරතා මතු වන්නේ නම් ඒ පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය දැනුවත් කිරීමට තමන් බැඳී සිටින බවයි.

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් සඳහා දේශපාලන මැදිහත් වීම් පවතින බැවින් ක්‍රිකට් ආයතනයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නැයි ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා පසුගිය අගෝස්තු 28 වැනිදා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට යොමු කළ ලිපියක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඊයේ (18) පාර්ලිමේන්තුවේදී සභාගත කළා.

එමඟින් පෙන්වා දී තිබුනේ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු සඳහා දේශපාලන මැදිහත්වීම් සිදුවන බවයි.

මේ අතර එහි පිටපත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ විධායක කමිටු සාමාජිකයින් සහ සාමාජික රටවල ක්‍රිකට් ආයතන ප්‍රධානීන් වෙත යොමු කර තිබුණා.

ලිපිය සභාගත කරමින් විපක්ෂ නායකවරයා පෙන්වා දුන් කරුණු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රතිචාර දක්වා තිබෙනවා.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ පූර්ණ සාමාජිකයෙකු ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රාජකාරියට බැඳී සිටින අතර ICCයේ වගන්තිවලින්ද එහි වගකීම් තහවුරු කර ඇති අතර එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට යම් දුෂ්කරතා මතු වන්නේ නම් ඒ පිළිබඳව ICC දැනුවත් කිරීමට බැඳී සිටිනවා. .