තිරිඟු පිටි ගැන ප්‍රමිති ආයතනයෙන් නිවේදනයක්..

Sri Lanka Sri Lanka Food Crisis
By krishani Oct 26, 2022 02:20 AM GMT
krishani

krishani

in ආහාර
Report

ලංකාවට තිරිඟු පිටි ආනයනය කරනු ලබන අවස්ථාවේ දී හෝ වෙළඳපොලේ අලෙවි කිරීමට තබා ඇති තිරිඟු පිටිවල ප්‍රමිතිය පරීක්ෂා කිරීමට තමන්ට බලයක් නොමැති බව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සිද්ධිකා සේනාරත්න නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ය.

දැනට වෙළඳපොලේ ඇති තිරිඟු පිටිවල ප්‍රමිතිය සම්බන්ධයෙන් මාධ්‍ය මගින් ඇතැම් කරුණු ප්‍රකාශ වන බවත් ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය වෙත ද යම් විවේචනයක් එල්ල වෙමින් පවතින බවත් ඇය සදහන් කළේ ය.

ඒ සඳහා අවශ්‍ය වන බලය, ආනයන හා අපනයන පාලකවරයාට ප්‍රමිති ආයතනය වෙත ලබාදිය හැකි බව ඇය කියා සිටි අතර දේශීයව නිෂ්පාදනය කරනු ලබන තිරිඟු පිටිවල ප්‍රමිතිය පරීක්ෂා කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට බලය ලබාදිය හැකි බව ඇය පෙන්වා දෙනු ලැබිණ.