දකුණු මුහුදේ යාත්‍රාවකට අනතුරක්...වහාම නාවික හමුදාව යයි(PHOTOS)...අවසානයේ යාත්‍රාවට සිදුවූ දේ මෙන්න.

Sri Lanka Sri Lanka navy Hambantota harbor Thrinco harbor
By Aruna Mar 24, 2022 03:58 AM GMT
Report

හම්බන්තොට ප්‍රදේශයට ඔබ්බෙන්වූ දකුණු මුහුදු ප්‍රදේශයේදී ආපදාවට පත්වූ විදේශීය රුවල් යාත්‍රාවක් සහ විදේශීකයන් දෙදෙනකු නිරුපද්‍රිතව හම්බන්තොට වරාය වෙත රැගෙන ආ බව නාවික හමුදාව ප්‍රකාශ කළා.

ත්‍රිකුණාමලය වරායෙන් පසුගිය 19 වැනිදා මාලදිවයින වෙත ගමන් ආරම්භ කළ එම රුවල් යාත්‍රාව කාර්මික දෝෂයක් හේතුවෙන් ආපදාවට පත්ව ඇති බවත්, කොළඹ නාවික හමුදා මූලස්ථානයේ පිහිටි සමුද්‍රීය සෙවීම් හා මුදාගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානයට කළ දැනුම්දීමක් අනුව එම යාත්‍රාව ගොඩබිම වෙත රැගෙන ඒමට පියවර ගත් බවත් නාවික හමුදාව කියා සිටියා.

නාවික හමුදා හතරවන වේග ප්‍රහාරක මුර යාත්‍රා බලඝණයට අයත් පී 422 වේග ප්‍රහාරක යාත්‍රාව හම්බන්තොට වරායෙන් පිටත් කළ බවත් ආපාදවට පත්වූ රුවල් යාත්‍රාව සහ එහි සිටි පිලිපීන සහ ඕස්ටේ්‍රලියානු ජාතිකයන් දෙදෙනා නිරුපද්‍රිතව හම්බන්තොට වරාය වෙත රැගෙන ආ බවයි නාවික හමුදාව ප්‍රකාශ කළේ.

රුවල් යාත්‍රාව අළුත්වැඩියා කටයුතු සඳහා එම රුවල් යාත්‍රාවේ දේශීය නියෝජිත ආයතනයට භාරදුන් බව ද නාවික හමුදාව වැඩි දුරටත් සඳහන් කළා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGallery