ලොවම පුදුම කරමින් වසර බිලියන 8ක් පැරණි රේඩියෝ සංඥාවක් පෘථිවියට - වැඩි විස්තර මෙතැනින්..

Astrology NASA
By Sewvandhi Oct 20, 2023 12:42 PM GMT
Report

පෘථිවියට ළඟා වීමට වසර බිලියන 8ක් ගත වූ රේඩියෝ සංඥාවක් තාරකා විද්‍යාඥයින් විසින් හඳුනාගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, මෙම වේගවත් රේඩියෝ සංඥාවක් මෙතෙක් නිරීක්ෂණය කර ඇති වඩාත්ම දුරස්ථ හා ජවසම්පන්නම සංඥාවක් බවයි.

වේගවත් රේඩියෝ සංඥාවක් හෝ FRB යනු නොදන්නා මූලාරම්භයක් සහිත ගුවන්විදුලි සංඥාවක් ලෙසයි හඳුන්වන්නේ.

අනාවරණය වී තිබෙන්නේ, පළමු FRB හෙවත් රේඩියෝ සංඥාවක් 2007 දී සොයා ගන්නා ලද අතර එතැන් සිට මෙම වේගවත් cosmic flashes සිය ගණනක් විශ්වය පුරාඈත ස්ථානවලින් පැමිණෙන බවයි.

බොහෝ FRB අතුරුදහන් වීමට පෙර උපරිම වශයෙන් මිලි තත්පර කිහිපයක් පමණක් පවතින සුපිරි දීප්තිමත් රේඩියෝ සංඥාවක් නිකුත් කරනවා.

ඒ නිසා වේගවත් රේඩියෝ සංඥාවක් නිරීක්ෂණය කිරීම අපහසු වන බවයි විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ