රෝහලේදීම දින 11ක බිලිඳකුට මව කරපු දේ. - (PHOTO)
කුරුණෑගල ශික්ෂණ රෝහලේදී ප්‍රසූත කිරීමෙන් අනතුරුව දමා ගොස් සිටියදී මරණයට පත්වූ බිලිඳා ගේ දෙමව්පියන් සොයා අත්අඩංගුවට ගන්නා ලෙස කුරුණෑගල වැඩ බලන මහේස්ත්‍රාත් නීතීඥ ජයප්‍රේම බී. තෙන්නකෝන් කුරුණෑගල මූලස්ථාන පොලීසියට නියම කර තිබෙනවා.
රෝහලේ නොමේරු ළදරු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස මරණයට පත්වූයේ දින 11 වයසැති පිරිමි ළදරුවෙක්.
ළදරුවාගේ මරණ පරීක්ෂණය කුරුණෑගල ශික්ෂණ රෝහලේදී සිදු කිරීමෙන් අනතුරුව වැඩ බලන මහේස්ත්‍රාත්වරයා පොලීසියට අදාළ නියෝගය ලබා දී ඇත.
නොමේරු තත්ත්වයක උපත ලද දරුවා ප්‍රසූත කළ මව දරුවා ළදරු දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කිරීමෙන් අනතුරුව රෝහලෙන් කිසිවෙකුටත් නොදන්වා මීට දින කීපයකට පෙර පිටව ගොස් තිබෙනවා.
එමෙන්ම ළදරුවාගේ දෙමාපියන් රටින් පැන යාහැකි බවට ලද තොරතුරක්ද සැලකිල්ලට ගත් වැඩ බලන මහේස්ත්‍රාත්වරයා ඔවුන්ට රටෙන් පැනයා නොහැකි වන ලෙස කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට දන්වන ලෙසද නියම කරනු ලැබුවා.
පොලිසිය කියා සිටියේ, පොල්ගහවෙල ගොඩවෙල ප්‍රදේශයේ පදිංචි තරුණ යුවළක් මෙම ළදරුවාගේ දෙමාපියන් බවට සැක කරන අතර ධම්මි අබේසිංහ නමැති තරුණ කාන්තාවක් දරුවා ප්‍රසූත කර ඇති බවයි.
ඔවුන් ලබාදී ඇති ලිපිනය ව්‍යාජ එකක් බවට සැක කරන පොලීසිය මේ වනවිට ඔවුන් විමර්ශන ආරම්භ ලර තිබෙනවා.