ඇම්රෝ PVC කම්මහලක් නිසා ප්‍රදේශවාසීන්ගේ ජීවිත අනතුරේ. - (VIDEO)
අංක112/5, පැරණි මීගමුව පාර, වත්තල ලිපිනයේ ස්ථාපිත ඇම්රෝ පී වී සී පුද්ගලික සමාගමේ කර්මාන්ත ශාලාව හේතුවෙන් පරිසරයට සහ අවට වෙසෙන නිවැසියන්ට මුහුණපාන්නට සිදුව ඇති බරපතල පාරිසරික බලපෑමක් පිළිබඳව ගගන අපි වාර්තා කළා.
මෙම කර්මාන්තශාලාව හේතුවෙන් සිදුවන පාරිසරික බලපෑම පිළිබඳව ලද පැමිණිලි විභාග කිරීමේන් අනතුරුව මධ්‍යම පරිසර අධිකාරිය විසින් 2023, 9 වන මස 18 දාතමින් ලිපියක් යොමු කරමින්, මෙම සමාගම වෙත නිකුත් කොට ඇති පරිසර ආරක්ශණ බලපත්‍රය අත්හිටුවා ඇති බවට අපට පසුගියදා වාර්තා විය.
එහෙත්, කර්මාන්තශාලාවේ මෙහෙයුම් කටයුතු තවමත් සිදු වෙමින් පවතින බවත්, එහි පාරිසරික බලපෑමේ කිසිදු අඩුවක් සිදුව නොමැති බවත් අප විසින් සිදු කළ සොයාබැලීමකදී අණාවරනය වූ අතර ඒ පිළිබඳව මෙසේ සොයා බැලීමට අපි තීරණය කොට සිටියෙමු. ඒ සඳහා අප ගිය ගමනේදී හමුවූ ප්‍රදේශවාසීහු අදහස් පළ කොට සිටියේ මේ අයුරිනි.