පළමු වරට HIV ආසාදිත කාන්තාවක් සුවය ලබයි............

America Gagana news Hiv news
By Subodha Feb 16, 2022 10:33 AM GMT
Report

ඇමරිකාවේ HIV ආසාදිත කාන්තාවක් ප්‍රාථමික සෛල බද්ධ කිරිමකින් පසු සුවය ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

64 වියේ පසුවු එම කාන්තාව ඇට මිදුළු වල රුධිරය නිපදවන සෛල ආශ්‍රිතව හට ගන්නා ඇක්යුට් මයලොයිඩ් ලියුකේමියාවටත් ගොදුරු වි සිට තිබෙනවා.

ඊට ප්‍රතිකාර වශයෙන් පරිත්‍යගශිලියෙකුගේ පෙකනිවැලෙන් ලබාගත් රුධිර සෛල ඇයට බද්ධ කර තිබුණි.

පරිත්‍යගශිලියෙකුගේ රුධිර සෛල HIV වෛරසයට ස්භාවිකම ප්‍රතිරෝධයක් දක්වන බව සදහන්ය .

මෙම ප්‍රතිකාරයෙන් පසුව එම කාන්කාව HIV ආසාධනයෙන් සුවය ලබා ඇති බව විදෙස් වාර්තා වල සදහන් වේ .

ඇයට HIV සදහා ලබා දෙන ඇන්ටිරෙට්‍රොවයිරල් තෙරි වැනි ප්‍රතිකාර ලබාදිමේ අවශ්‍යතාවයක් නොවු බවද එම වාර්ථා වල සදහන්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 


JOIN NOW