දරුවන් සමග වැවට පැන්න මවත් මියයයි (VIDEO)
දරු දෙදෙනා ද සමග චන්ද්‍රිකා වැවට පනිනු ලැබූ කාන්තාව ද මියගොස් තිබෙනවා. මෙම කාන්තාව සිය දියණිය සහ පුතු සමග ඇඹිලිපිටිය - චන්ද්‍රිකා වැව සොරව්ව අසලින් වැවට පැන තිබුණා.
එහිදී පස් හැවිරිදි දියණිය ජිවිතක්ෂයට පත්වූ අතර මව සහපුත්‍රයා ඇඹිලිපිටිය පොලිසියේ ජිවිතාරක්ෂක කණ්ඩායම් විසින් මුදාගෙන රෝහල් ගත කරනු ලැබුවා. එහි දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනමින් සිටියදීයි මෙම මව මියගොස් ඇත්තේ. 11 හැවිරිදි පුත්‍රයා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් ඇඹිලිපිටිය රෝහලේ ප්‍රතිකාර ලබනවා.
මෙම කාන්තාව මෙලෙස සියදිවි හානි කර ගැනීමට හේතුව මෙතෙක් නිෂ්චිතව අනාවරණ වී නැහැ. ඇය සූරියවැව සමාජසේවාපුර පදිංචි 32 හැවිරිදි අයෙක්.
කාන්තාව දරුවන් සමග වැවට පැන තිබූ අවස්ථාවේ වැඩිමහල් පිරිමි දරුවා ගොඩට පැමිණ කෑගසා ඇතැයි සඳහන්. එහිදී ප්‍රදේශවාසීන් ඇඹිලිපිටිය පොලිසිය සහ ජීවිතාරක්ෂක කණ්ඩායම් එක්ව මව සහ කුඩා දැරිය ගොඩගෙන තිබුණා.
අනතුරුව අසාධ්‍ය තත්ත්වයේ පසුවූ මවට කෘතිම ශ්වසනය ලබාදී රෝහල් ගතකරනු ලැබුවා. 5 හැවිරිදි දරුවා ද රෝහල් ගත කිරීමෙන් අනතුරුව මරණයට පත්වුණා.
(වීඩියෝ අයිතිය - හිරු නිවුස්)
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... |