මිනිත්තු 5න් ඇඹරැල්ලා ගෙඩි සම්බෝලයක් හදාගන්න හැටි.

Sri Lanka Healthy Food Recipes Sri lanka Food Recipes
By Wayomi Jun 21, 2022 10:39 AM GMT
Report

පොල් ගෙඩියෙන් සම්බෝල හැදුවට.. ඇඹරැල්ලා ගෙඩි සම්බෝල හදලා කාල තියෙනවද? ඔන්න ඉතින් කාපු නොකාපු හැමෝටම මිනිත්තු 5න් හදාගන්න පුළුවන් රසම රස ඇඹරැල්ලා සම්බෝලයක් ගැනයි මේ කියන්න යන්නේ.

අවශ්‍ය ද්‍රව්‍ය

? පැහුනු ඇඹරැල්ලා ගෙඩි කිහිපයක්.

? සිහින්ව කපාගත් රතු ලූණු ගෙඩි 10ක් පමණ.

? සිහින්ව කපාගත් අමුමිරිස් කරල් 1-2ක්

? ගම්මිරිස් කුඩු තේ හැඳි 1/2

? කැමති නම් කෑලි මිරිස් තේ හැඳි 1/2

? කැමති නම් උම්බලකඩ තේ හැඳි 1/2

? ගාගත් පොල් කෝප්ප 1/4

? අවශ්‍ය පමණට ලුණු 

සාදාගන්න ආකාරය

? ඇඹරැල්ලා ගෙඩි වල පොතු ඇරලා ග්‍රේටර් එකකින් ගාගන්න.

? මෙයට අනෙකුත් කලමනා ටික ඔක්කොම එකතු කරලා අනාගන්න.

? දැන් රස බලන්න.