මාස 2න් කොණ්ඩේ වවන විශ්මිත ඔසු තෙලක්.
ගොඩක් තරුණ තරුණයින්ට තියෙන ලොකුම රූපලාවන්‍ය ගැටලුව තමා හිසකෙස් ගැලවී යාම. මේකට ලොකුම හේතුව හිසකෙස් සත්කාර සඳහා භාවිතා කරනවා කෘතීම තෙල් වර්ග, ෂැම්පු වර්ග සහ වෙනත් ආලේපන වර්ග. ඊට අමතරව ඉතින් ඔබේ වැරදි පුරුදු, සිරුර අභ්‍යන්තර රෝගාබාධ එහෙමත් බලපාන්න පුළුවන්.
මේ කියන්න යන්නේ සිරුර අභ්‍යන්තර රෝගාබාධ නැත්නම්, අනෙක් හේතු නිසා සිදු වන හිසකෙස් ගැලවීමට ඔබට සකසා ගන්න පුළුවන් ස්වභාවික hair oil එකක් ගැනයි.
අවශ්‍ය ද්‍රව්‍ය
? පිරිසිදු තල තෙල්
? දෙහි යුෂ
? වැල්මී කුඩු
? කළු දුරු
? බෙහෙත් නෙල්ලි
සකසා ගන්න ආකාරය
? තල තෙල් අඩු කෝප්ප කාලක ප්‍රමාණයක් මැටි ඇතිලියකට දමා එයට කළුදුරු මේස හැන්දක පමණ ප්‍රමාණයක් එකතු කරන්න.
? එයට වැල් මී කුඩු මේස හැදි 2 ක් සහ දෙහි ගෙඩියක යුෂ එකතු කරන්න.
? ඊටම තලා ගත් නෙල්ලි ගෙඩි 4 ක් එකතු කරන්න.
? ඉන්පසු මද ගින්නෙන් විනාඩි 20 ක් තබා ලිපෙන් ඉවත් කර හොඳින් නිවෙන්නට තබා බෝතලයකට දාගන්න.
? මේ ප්‍රමාණයන් සතියක පමණ කාලයක් සඳහා ප්‍රමාණවත්.
? මේ ආලේපනය ස්නානයට පෙර හොඳින් හිස්කෙස්වල ආලේප කර විනාඩි 20 ක් පමණ තබා සෝදා හැරිය යුතුයි.
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ |