සැමියා නොවුනත් අද මගේ හොඳම මිතුරා කියමින් අතුලගේ දෙවන බිරිඳ අමායා තැබූ අපුරු සටහන. (PHOTOS)

Srilanka Gossip amaya adikari Harsha danosh
By Sithumi Mar 11, 2022 04:28 PM GMT
Report

අපේ රටේ හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න ජනප්‍රිය ගායකයෙක් වගේම රංගන ශිල්පියෙක් තමයි අතුල අධිකාරි කියන්නේ. ජනප්‍රියම ගීත ගණනාවක්ම හරහා ඔහු ලංකාවේ ප්‍රේක්ෂක සිත් දිනාගත්තා.

ඒ වගේම ඔහුගේ ජනප්‍රියත්වය තවත් වැඩිවෙන්න හේතුවක් තමයි ඔහුගේ විවාහය. අතුල විවාහ වෙන්නේ ජනප්‍රිය ගායිකාවක් වන සමිතා මුදුන්කොටුව සමග එම විවාහයෙන් ඔවුන් දෙපලට දියණියක් සිටිනවා පසුව එම විවාහයෙන් වෙන්වුන අතුල විවාහ වෙන්නේ ඔහුට වැඩිය අවුරුදු 20 පමණ බාල නිරුපන ශිල්පිනියක් වන අමායා සමග.

අමායා කියන්නේ දක්ෂ මෝස්‌තර නිරුපන ශිල්පිනියක්. ඒ වගේම දක්ෂ රංගන ශිල්පිනියක්. නමුත් අමායා මෑතකදී නම් කළා නිර්මානයකකින් දැකගන්න ලැබුනේ නෑ. කොහොම වුනත් අමායා පිලිබඳ පසුගිය කාලයේ වැඩිපුරම කතාවුනේ චන්දිමාල්ගේ රෝයල් පාටි එකේ අමායා දාපු ඩාන්ස් එකෙන් පස්සේ. අමායා අතුල සමග විවාහ වෙලා හිටියත් ජීවත්වුණේ ලංකාවේ තරුණ සිත් වශී කරපු ගායකයෙක් වන හර්ෂ සමග. ඒ වගේම මේ වනවිට අමායා දරුවන් තිදෙනෙකුගේ මවක්.

කොහොම වුනත් අමායා අතුල සමග විවාහ වුන මුල් කාලයේ පැවසුවේ ‘මම ආත්ම හතක් පතන්නේ අතුලව’ කියලා කොහොම වුනත් දැන් අමායා හර්ෂ සමග ගොඩක් සුන්දර ජීවිතයත් ගතකරනවා. අතුලත් ඒ දෙන්නගේ ආදරයට සුබ පතලා තිබ්බා ඒ වගේමයි අතුල වෙන් උනත් අමායා සමග අදටත් ජිවත් වෙනවා හර්ෂ අමායා දරුවන් තිදෙනා අතුල සමග හොද ජිවිතයක් ගත කරනවා කියලත් ඔවුන් පවසනවා.

අතුලගේ ආදරණීය දියණියත් සමගින් දැන් අමායා අධිකාරී දරුවන් තුන්දෙනෙක්ගේ ආදරණීය මවක් වෙලා තියනවා. ඒ වුනාට තාමත් කෙල්ල වගේ බොහොම හැඩට තමන්ගේ රූපය පවත්වාගෙන යන අමායා අධිකාරි ටැටූ වලටත් ආස කෙනෙක්. ඉතින් ඒ හින්දම ඇය ශරීරයේ විවිධ ස්ථාන වල ටැටූ ගහගෙන තියනවා දැකගන්න ලැබුනා. කොහොම නමුත් සමාජජාලා මාධ්‍ය වල නිර්න්තරයෙන් ඇය අලුත්ම චයාරුප අපට දක්නට ලැබෙනවා. ඉතින් දරුන්වන් තුන්දෙනෙක් ඉන්නවා කියලා කියන්නවත් බැරි තරම්ම ඇය හරිම ලස්සනයි.

ඉතින් දරුවන් තුන් දෙනෙකුගේ මවක් වුවත් විලාසිතාවන්ට ඉහළ තැනක ලබාදෙනවා කියලයි ඇය පවසන්නේ.ඉතින් පසුගිය දවසක අතුල අධිකාරිගේ උපන් දිනය නිමිත්තෙන් අමායා හරි අපූරු සුබ පැතුමක් එකතු කරන්නත් අමතක කළේ නැහැ. ඒ සුභ පැතුමේ සඳහන් කරලා තිබ්බේ පණිවිඩය තමයි පහතින් දැක්වෙන්නේ.”කොල්ලා ඒ වචනෙ තාමත් ගැලපෙනවා මේ වගේ තරුණ හිත මෙච්චර හොඳ නිසා කියලා මම තරම් දන්න කෙනෙක් නැති තරම්. සැමියා නොවුනත් අද මගේ හොඳම මිතුරා නිසා දුකක් නැහැ. 

හිතට යාළුවා ෆිට් පොර හින්දා පොඩි බයක් දැනෙනවා අංක එක එක වැඩි වෙන හින්දා , පතනවා ආයුෂ මගෙනුත් ටිකක් දීලා ආදරණීය අතු සුභ උපන්දිනයක් වේවා”ඉතින් ඇය තමන්ගේ කලින් සැමියා වන අතුල අදිකාරීට සුබ උපන්දිනයකට සුභ පැතුවේ ඒ විදියටයි




සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.. 
Join now


GalleryGalleryGalleryGalleryGalleryGalleryGallery