මන්ත්‍රී අමරකීර්ති අතුකෝරලගේ ආරක්ෂකට වෙඩි තැබූ සැකකරු අල්ලයි

Galle Face Protest Sri Lankan protests Sri Lanka Gota Go Gama Amarakeerthi Athukorala
By Sewvandhi May 25, 2022 05:54 PM GMT
Report

නිට්ටඹුව ප්‍රදේශයේ දී පසුගියදා ඝාතනයට ලක් වු පොලොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අමරකීර්ති අතුකෝරාල මහතාගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරී පොලිස් සැරයන්වරයාට ඔහුගේ රාජකාරි පිස්තෝලයෙන් වෙඩි තැබීම සහ එම පිස්තෝලය සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් සැකකරුවකු නිට්ටඹුව ප්‍රදේශයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

සිද්ධිය වු ඉකුත් (9) ඇති වු මෙම සිද්ධියේ දී මෙම සැකකරු පිරිස සමග එක්ව මන්ත්‍රිවරයාට පහර දී ඔහුගේ ආරක්ෂක නිලධාරියාට ද පහර දී වෙඩි තබා ඇති බවට හෙළි වු තොරතුරු අනුව මෙම සැකකරු අත්අඩංගුවට ගත් බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

මෙම සැකකරු පොලිස් සැරයන්වරයාට අයත් පිස්තෝලයෙන් එක් වෙඩිල්ලක් සැරයන්වයා වෙත එල්ල කර ඇති බවද එම උසස් පොලිස් නිලධාරියා කියා සිටියේය. මේ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේ දී හෙළි වු තොරතුරු, වීඩියෝ පට හා සක්කි පදනම් කරගෙන මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැරයන්වරයාගේ රාජකාරි ගිනි අවිය ද සැකකරු සන්තකයේ තිබී ඇත. සිද්ධිය වු ඉකුත් (9) දින මන්ත්‍රිවරයා හා ආරක්ෂක නිලධාරියා වාහනයෙන් ගමන් කරමින් සිටියදි නිට්ටඹුව ප්‍රදේශයේ දී ඉහත සැකකරුවන් පිරිස එම වාහනය නවත්වා හිටපු අගමැතිවරයාට සහය පලකිරීමට අරලියගහ මන්දිරයට ගිය බවට චෝදනා කරමින් මෙම පහර දී මන්ත්‍රිවරයා හා ආරක්ෂක නිලධාරියා ඝාතනය කර ඇති බවට සිදුකළ විමර්ශයේ ආනාවරණය වු බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.

තමන් හිටපු අගමැතිවරයා හමුවීමට අරලියහග මන්දිරයට නොගිය බවත්, පොල්හේන්ගොඩ ප්‍රදේශයේ මිතරකුගේ නිවසට ගිය බවට සැකකරුවන් ප්‍රකාශ කර තිබියදී ඔවුන් පහර දී මෙම ඝාතන දෙක සිදුකර ඇති බවට ද තොරතුරු හෙළි වු බව පොලිස් ආරංචි මාර්ග පවසයි. මන්ත්‍රිවරයා හා ඔහුගේ ආරක්ෂක නිලධාරියා පහර දී ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 12 දෙනකු මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now