ප්‍රේම සම්බන්ධතාව නතර කලයි කෝප වූ තරුණයා පෙම්වතියට දුන් දඩුවම
තරුණයකු විසින් 23 හැවිරිදි තම පෙම්වතිය පැහැරගෙන ගොස් නිවසක සිර කරගෙන සිටි පුවතක් වාර්තා වෙනවා.
මෙම සිද්ධියට සම්බන්ධයෙන් තරුණයන් සිව්දෙනෙක් සහ පැහැර ගැනීමට යොදාගත් මෝටර් රථයද පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර පැහැර ගැනීමට ලක්වූ තරුණිය රෝහල් ගතකර ඇති බවයි අළුත්ගම පොලිසිය පවසන්නේ.
පැහැර ගැනීමට ලක්වූ 23 හැවිරිදි තරුණිය උකස් මධ්‍යස්ථානයක සේවය කරන අතර අළුත්ගම ප්‍රදේශයේ තරුණයකු සමග ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගන ගොස් තිබෙනවා.
පසුව එම සම්බන්ධය මීට ටික කලකට උඩදී නතර කිරීමට තරුණිය කටයුතු කර ඇති අතර ඉන් කෝපයට පත්වූ තරුණයා පෙරේදා සවස මෙම තරුණිය සිය රාජකාරි නිමකර නිවස බලා යද්දී ඇය තවත් තරුණයන් තිදෙනෙක් සමග ලුහුබැඳ ගොස් මොරගල්ල ප්‍රදේශයේදී මෝටර් රථයක දමාගෙන පැහැරගෙන ගොස් තිබෙන්නේ.
අළුත්ගම පොලිසියට ලැබුණු පැමිණිල්ලක් අනුව ක්‍රියාත්මක වූ නිලධාරීන් මෙම තරුණිය රඳවාගෙන සිටි නිවස වටලා ඇය සොයාගෙන තිබෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |