PHI ඝාතන විමර්ශනයේ එළියට ආ අලුත්ම තොරතුරු..

Nihal Talduwa Police spokesman Sri Lanka Police Crime Latest Headlines
By Sewvandhi Mar 29, 2024 08:06 AM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

පොලීසිය පවසන්නේ, ඇල්පිටිය ප්‍රදේශයේදී PHI නිලධාරියෙකු වෙඩිතබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් යම් යම් තොරතුරු ලැබෙමින් පවතින බවයි.

අදාළ තොරතුරු තහවුරු කරගනිමින් සිටින බවයි, නියෝජ්‍ය පොලිස්පති, පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසුවේ.

මේ සම්බන්ධයෙන් විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදී ඇති බවද ඔහු පැවසීය.

ඉකුත් පෙබරවාරි 26 වනදා උදෑසන ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික රොෂන් කුමාර මහතා වෙඩිතබා ඝාතනය කර සැකකරුවන් පළාගොස් තිබුණි.

වෙඩික්කරුවන් යතුරුපැදියකින් පළා යන අයුරු දැක්වෙන CCTV රූපරාමු පෙළක් ද විමර්ශකයින් පසුව සොයා ගත්තේය.

ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික ලෙස කටයුතු කළ W. D රොෂාන් කුමාර මහතා ඇල්පිටිය, කරුඳුගහහැතැක්ම ප්‍රදේශයේ ඔහුගේ නිවසේදීම ඝාතනයට ලක්විය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා තවදුරටත් පැවසුවේ, නඩු කටයුතු නිසා මෙම ඝාතනය සිදුකර ඇති බවට මෙතෙක් කළ විමර්ශනවලදී ස්ථිර ලෙසම තහවුරු කරගැනීමක් සිදුවී නොමැති බවයි.