තවත් විශාල පිරිසකගේ දීමනාව දෙගුණයකටත් වඩා වැඩි කරයි..වැඩි කළ ගණන මෙන්න.

Sri Lanka Politician Government Employee Government Of Sri Lanka
By Aruna Aug 02, 2024 08:00 AM GMT
Report

විශ්‍රාමික රාජ්‍ය සේවකයින් වෙත දැනට ලබාදෙන රුපියල් 2500ක දීමනාවට අමතරව තවත් රුපියල් 3000ක් එක්කොට රුපියල් 5500ක අන්තර්කාලීන දීමනාවක් ලබාදීමට පියවර ගෙන තිබෙන බව වාර්තා වනවා.

ඉන්ධන සහ ගෑස් මිල සංශෝධනය නොකිරීමට හේතුව මෙන්න..

ඉන්ධන සහ ගෑස් මිල සංශෝධනය නොකිරීමට හේතුව මෙන්න..


මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය සඳහන් කරන්නේ, මෙය එළැඹෙන සැප්තැම්බර් මාසයේ සිට ලබාදීමට පියවර ගන්නා බවයි.

මේ අතර, වැඩිහිටි දීමනා, රෝගාබාධ ආධාර, ගොවි විශ්‍රාම වැටුප් ආදී දීමනා මුදල ඉහළ දැමීමට රජය සැලසුම් කර ඇතැයි පසුගියදා දැනුම්දෙනු ලැබීය.

ඒ අනුව, රජයේ ආරංචි මාර්ග කියා සිටියේ, පිළිකා ආධාර ඇතුළු රෝගාබාධ ආධාර, වැඩිහිටි දීමනා ආදිය රුපියල් 3,000 කින් පමණ ඉහළ දැමීමට නියමිත බවයි.

ඉදිරි දින කිහිපය තීරණාත්මකයි..රජයෙන් විශේෂ දැනුම්දීමක්..

ඉදිරි දින කිහිපය තීරණාත්මකයි..රජයෙන් විශේෂ දැනුම්දීමක්..


ඒ අනුව බොහෝ දුරට මෙම අධාර මුදල රුපියල් 5,000 ක් දක්වා ඉහළ දැමීමට සැලසුම් කර ඇති අතර, එම සංශෝධිත මූල්‍යාධාර ඉදිරි සැප්තැම්බර් මාසයේ සිට ලබාදීමට ද රජය කටයුතු කරමින් සිටින බවටයි, තොරතුරු අනාවරණය වන්නේ.

ජීවන වියදම ක්‍රමයෙන් ඉහළ යාම හේතුවෙන් ජනතාවට සහන සැලසීමේ අරමුණින් රජය මෙම ක්‍රියාමාර්ගය ගැනීමට නියමිතව ඇත.

එමෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ඉදිරිපත් කර තිබෙන යෝජනා හේතුවෙන් බදු ප්‍රතිශත ඉහළ දැමීම ආදී කරුණු නිසා අසාධාරණයට ලක්වන පාර්ශ්ව වෙනුවෙන් සහන සැලසීමට කටයුතු කරන ලෙස ද එම අරමුදල විසින්ම යෝජනා කරයි.

අවුරුදු 09ක දැරියක් සමඟ 34ක පුද්ගලයෙක් අඹු සැමියන් ලෙස ජීවත් වෙලා මාට්ටු වෙයි..

අවුරුදු 09ක දැරියක් සමඟ 34ක පුද්ගලයෙක් අඹු සැමියන් ලෙස ජීවත් වෙලා මාට්ටු වෙයි..


රජයේ ආරංචිමාර්ග කියා සිටින්නේ, මෙම කරුණු සැලකිල්ලට ගෙන මෙම ආධාර මුදල් ඉදිරියේදී ඉහළ නංවන බවයි.