ලංකාවේ මිනිස්සු පිටි කිරි වලට මෙච්චර ඇබ්බැහි ඇයි?

Sri Lanka Ministry of Health Sri Lanka Healthy Food Recipes GMOA Sri Lanka Sri lanka Food Recipes
By Wayomi Jun 28, 2022 04:49 AM GMT
Wayomi

Wayomi

in රචනා
Report

? උදේට කිරි වීදුරුවක් නැත්නම් සමහරුන්ට නම් වේලක් කෑවේ නෑ වගේ. ඉපදුන දා ඉඳලා මැරෙනකල්ම පිටිකිරි බොන අය ඉන්නවා. ඒ තරමට අපේ රටේ මිනිස්සු කිරිපිටි වලට ඇබ්බැහි වෙලා. ඇබ්බැහි කොච්චරද කියනවා නම් මිල ගණන් අහස උසට ගියත් මිල කීය වුණත්.. පෝලිමේ ඉඳලා හරි කිරිපිටි ගන්නවා. කිරිපිටි ඒකේ තරම් ගුණයක් නැහැ කියලා තමා හිතන් ඉන්නේ. ඇත්තම ඒවායේ ඇති ගුණයක් නැහැ.ඔබේ දිව පිනවනවා විතරයි. වෛද්‍යවරු කොච්චර එපා කිවුවත් අම්මලගේ ඇබ්බැහිය නිසාම බබාලට පිටිකිරි පුරුදු කරනවා.

? මාධ්‍ය වල දකින ලස්සන රූප රාමු වලට රැවටෙන අපේ ,මිනිස්සු හරි දේ වැරදි දේ තෝරා බේරා ගන්න බැරි තරමට බුද්ධිය මොට කරගෙන. මේ දවස් වල ළමයින්ට දෙන්න..ලෙඩ්ඩුන්ට දෙන්න.. කිරිපිටි නැහැ කියලා බෙරිහන් දෙනවා නේද? ඇයි ඔවුන්ට දියර කිරි දෙන්න බැරි. සාමාන්‍යයෙන් ලංකාවේ දිනකට කිරි ගවයන්ගෙන් ලබාගන්න කිරි ප්‍රමාණයෙන් භාගයක් වත් විකිනෙන්නේ නැහැ.

? කිරි හොයාගන්න නැත්නම් කොළ කැඳ, බත් කැඳ, කොහිල කැඳ, කුරක්කන් කැඳ, මුං කැඳ, බාර්ලි වැනි වැනි දේශීය ආහාරමය පාන වර්ග, පළතුරු යුෂ ඕන තරම් තියෙනවා. කිසිම ගුණයක් නැති විෂ පිරුණු පිටිකිරි බීලා ලෙඩ වෙන්නේ නැතිව මේ වගේ දේශීය ආහාරමය පාන වර්ගයක් උදේට බොන්න පුරුදු වුණා නම් හොඳ පෝෂණයකුත් සිරුරට ලැබෙනවා.  

ඔබ දන්නවද?

? ඔය මොළේ වර්ධනයට, ශරීර වර්ධනයට කියා කියා දෙන පිටිකිරි වලින් ළමයාගේ මොළේ මොට්ට වන එක විතරයි වෙන්නේ. ඔබ නොදන්නවා වුණාට කිරිපිටි වල මෙලමයින්, සත්ත්ව තෙල්, විකිරණ සහ DCD විෂ රසායනිකය අඩංගු වෙනවා.

? ඒ වගේම වකුගඩු, සහ අක්මාවටත් බරපතල හානි ඇති කරන්න මේ කිරිපිටිවලට හැකියාව තියෙනවා.

? එමෙන්ම කිරිපිටිවල ඩංගු බොලිටම් නම් බැක්ටීරියාව ශරීර අඩපණ කරනවා.

? ආඝාත වැනි තත්වයන් වලට කිරිපිටි මඟ පාදනවා.

? ඒ වගේම ස්නායු හා පේෂීවලට බරපතල හානි කරන්න කිරිපිටි වලට පුළුවන්. බොනිලියානු රෝගය කියන්නෙ ශරීරයේ පේෂී සහ ස්නායු විනාශ කරන රෝගයක්. එමඟින් ඔබට මරණය පවා ළඟා කරගත හැකියි.

? ඊට අමතරව පිළිකා, දියවැඩියාව, හදවත් රෝග ඇතුළු බෝ නොවන රෝග මීට ඇතුළත්. 


ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ 

JOIN NOW