ඇන්ජලෝගේ Time Out දවා ගැනීම ගැන උණුසුම් වුණ මොහොතක, බංග්ලාදේශ ක්‍රිකට් පුහුණුකරු එකවරම තීරණයක් අරන්..

Cricket Bangladesh Bangladesh Cricket Team
By krishani Nov 10, 2023 03:00 PM GMT
Report

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු ලෙස කටයුතු කළ ඇලන් ඩොනල්ඩ් එම තනතුරෙන් ඉවත් වීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

ඔහු එම තීරණය ගෙන ඇත්තේ සිය පවුලේ කටයුතු සඳහා වැඩි කාලයක් වෙන් කිරීමට බව පවසා තිබෙනවා.

මේ අතර ලෝක කුසලාන තරගාවලිය අතරතුර දී බංග්ලාදේශ ක්‍රිකට් බලධාරීන් ඔහුට දන්වා ඇත්තේ, ඔහුගේ කොන්ත්‍රාත්තුව තවත් වසරක් සඳහා දීර්ඝ කරන බවයි.

එයට ඇලන් ඩොනල්ඩ් සිය එකඟත්වය ද පළ කර ඇත.

මේ අතර පසුගියදා ශ්‍රී ලංකා - බංග්ලාදේශ ලෝක කුසලාන තරගයේ දී ඇන්ජලෝ මැතිව්ස්ව Time Out ලෙස දවාගැනීම සම්බන්ධයෙන් ඩොනල්ඩ්, බංග්ලාදේශ නායක ශකීබ් අල් හසන් ව සහ කණ්ඩායමේ අනෙකුත් ක්‍රීඩකයන් ව විවේචනය කළ බව සඳහන් විය.

බංග්ලාදේශ ක්‍රිකට් බලධාරීන් ඒ සම්බන්ධයෙන් ඩොනල්ඩ් ගෙන් නිදහසට කරුණු විමසීමට තීරණය කර තිබෙනවා.

එවන් පසුබිමක් තුළ ඔහු මෙම තීරණය ගෙන ඇත්තේ.