අනතුරු ඇඟවීමක් නිකුත් වෙයි?. සියලූම සමාජ මාධ්‍ය ජාලා වලට මේ මොකක්ද වෙන්න යන්නෙ..

United States of America Technology Social Media Latest Headlines Decision Making
By krishani Jun 22, 2024 10:47 AM GMT
Report

අමෙරිකාවේ ක්‍රියාතමක වන සියලු සමාජ මාධ්‍ය ජාලා සඳහා අනතුරු ඇඟවීමේ ලේබනයක් නිකුත් කළ යුතු බවට ඉල්ලීමක් කර තිබෙනවා.

අනතුරු ඇඟවීමක් නිකුත් වෙයි?. සියලූම සමාජ මාධ්‍ය ජාලා වලට මේ මොකක්ද වෙන්න යන්නෙ.. | All Social Media Networks Active In The Us

මෙලෙස ඉල්ලීමක් කර ඇත්තේ එරට සෞඛ්‍ය ප්‍රධානි වෛද්‍ය විවේක් මූර්ති අමෙරිකානු කොන්ග්‍රසයෙන් ය.

එයට හේතුව සමාජ මාධ්‍ය හේතුවෙන් යෞවනයන් අතර මානසික සෞඛ්‍ය අර්බුදය ඇතිවිය හැකි බවයි.

දරා ගන්න බැරුව මිනිස්සු දහස් ගාණක් නැති වෙලා.. - පෝය දවසෙම අහන්න වුණ අනුවේදනීය පුවත..

දරා ගන්න බැරුව මිනිස්සු දහස් ගාණක් නැති වෙලා.. - පෝය දවසෙම අහන්න වුණ අනුවේදනීය පුවත..


තරුණ පරපුරට සිදුවෙන බලපෑම් සැළකිල්ලට ගෙන මෙම තීරණය ගෙන ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කළේ ය.

කෙසේ වෙතත්, අවුරුදු 13ත් 17ත් අතර අමෙරිකාවේ තරණයින්ගෙන් 95%ක් සමාජ මාධ්‍ය භාවිතා කරන බව වාර්තා වේ.

මේ අතර, බ්‍රිතාන්‍යයේ මැතිවරණය සඳහා තරඟ කරන ලොව පළමු කෘත්‍රිම බුද්ධියෙන් නිර්මාණය කළ අපේක්ෂකයකු ඉදිරිපත් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

එම අපේක්ෂකයාගේ නම ‘Al ස්ටීව්‘ ලෙස ඡන්ද පත්‍රිකාවල සඳහන් වීමට නියමිත බවයි එම වාර්තාවල සඳහන් වනුයේ.

පාන් වලට 16%ක බද්දක්.. - පාන් කන්නෙ කොහොමද කියලා හිතලම මිනිස්සුන්ට කේන්ති ගිහින්..

පාන් වලට 16%ක බද්දක්.. - පාන් කන්නෙ කොහොමද කියලා හිතලම මිනිස්සුන්ට කේන්ති ගිහින්..


ඔහු සමලිංගික හා සංක්‍රාන්ත ලිංගික ප්‍රජාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් ද, සංක්‍රමණිකයන් වෙනුවෙන් ද ඡන්ද ව්‍යාපාරයේ නිරතවනු ඇති බවත් වැඩිදුරටත් වාර්තා වේ.

කෙසේ වෙතත්, ලබන ජූලි මස 04 වැනිදා පැවැත්වෙන බ්‍රිතාන්‍ය මැතිවරණයේදී අපේක්ෂකයකු ලෙස ඉදිරිපත්වීමට නියමිත ස්ටීව් එන්ඩකෝට් වෙනුවෙන් එම කෘත්‍රිම බුද්ධියෙන් නිර්මාණය කරනු ලැබූ අපේක්ෂකයා නිවේදනය කර ඇති අතර, එන්ඩකෝට්ගේ ඡන්ද පත්‍රිකාවේ ද සටහන් වීමට නියමිතව ඇත්තේ ‘AI ස්ටීව්‘ ලෙස නිර්මාණය කළ මුහුණ බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.