සිත් සතන් ගායනයෙක් කුල්මත් කළ, ජනප්‍රිය ගායන ශිල්පිනියකට දුර්ලභ ගණයේ ලෙඩක්.. සංගීතයෙනුත් ඉවත් වෙයි..(PHOTOS)
                                    
                    India
                
                                                
                    Bollywood
                
                                                
                    Latest Headlines
                
                                                
                    Decision Making
                
                        
        
            
                
                By krishani
            
            
                
                
            
        
    ජනප්‍රිය බොලිවුඩ් ගායන ශිල්පිනියක් වූ අල්කා යාග්නික් හට (Alka Yagnik) දුර්ලබ ගණයේ ශ්‍රවණාබාධයක් ඇති වී තිබෙන බවට තොරතුරු වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් ඇය ඇගේ Instagram පිටුව හරහා තම රසිකයින්ට දන්වා තිබෙනවා.
"සති කිහිපයකට පෙර, මම ගුවන් යානයකින් පිටතට යන විට, මට කිසිවක් ඇසෙන්නේ නැති බව මට හදිසියේම දැනුනා.." යන්න ඇය එහිදී සඳහන් කර ඇත.
ඒ සම්බන්ධයෙන් වෛද්‍යවරු පවසා ඇත්තේ ඉතා දුර්ලභ ගණයේ වෛරස ආසාධනයක් හේතුවෙන් සංවේදී ස්නායුවලට සිදුවූ හානි සිදුව ඇති බවයි.
ඒ හේතුවෙන් මෙම ශ්‍රවණාබාධය ඇයට හටගෙන ඇති බව වැඩිදුරටත් වෛද්‍යවරුන් සඳහන් කර තිබෙනවා.

කෙසේ වෙතත්, මේ හේතුවෙන් ඇය මෙන්ම ඇගේ රසිකයින් පවා කම්පනයට පත්ව ඇත.
එමෙන්ම, ඇයට තාවකාලිකව සංගීත ජීවිතයෙන් ඉවත්වෙන්නට සිදුව තිබෙනවා.
 
                 
                 
                                             
        
     
     
     
     
    