විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි ප්‍රබලයින් දෙදෙනෙකු හමුවෙයි..

Ali Sabry Sri Lanka
By krishani Sep 23, 2022 02:36 AM GMT
Report

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් සහ ජනාධිපති ආර්යා ආචාර්ය ජිල් බයිඩන් හමුවී ඇත.

නිව්යෝර්ක්හි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ 77 වැනි සැසිවාරයේදී හෙට දින විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා ශ්‍රී ලංකාවේ ප්‍රකාශය ඉදිරිපත් කිරීමට නියමිතයි.

ආසියාවේ අන්තර් ක්‍රියා සහ විශ්වාසය ගොඩනැගීමේ ක්‍රියාමාර්ග පිළිබඳ සමුළුවේ විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීම, 77 වැනි කණ්ඩායමේ සාමාජික රටවල විදේශ කටයුතු අමාත්‍යවරුන්ගේ රැස්වීම, ගෝලීය සංවර්ධන මුලපිරීමේ මිත්‍ර කණ්ඩායමේ අමාත්‍ය රැස්වීම සහ නොබැඳි ජාතීන්ගේ සංවිධානයේ අමාත්‍ය රැස්වීම වැනි අමාත්‍ය මට්ටමේ රැස්වීම් කිහිපයක් ද විදේශ කටයුතු අමාත්‍යවරයා ඇමතීමට නියමිතයි.