අලි සබ්‍රි රහීම් ව නෙරපයි

Sri Lanka ali sabri raheem
By Sewvandhi Nov 06, 2023 11:43 AM GMT
Report

සමස්ත ලංකා මහජන කොංග්‍රසය පවසන්නේ, පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්‍රි රහීම් මහතාගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට තීරණය කර ඇති බවයි.

කටුනායක ගුවන්තොටුපොළ හරහා රත්‍රං හා ජංගම දුරකථන නීතිවිරෝධීව මෙරටට රැගෙන ඒමේදී මන්ත්‍රීවරයාව රේගු භාරයට ගැනුණි.

මේ අතර, මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසන්නේ මෙරට ක්ෂුද්‍ර මූල්‍ය ආයතන 11,000ක් පමණ ක්‍රියාත්මක වුව ද ඉන් ලියාපදිංචි වී ඇත්තේ ආයතන 5ක් පමණක් බවයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ රුවන්වැල්ල මහජන ක්‍රීඩාංගණයේදී පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ වැඩි වශයෙන් ග්‍රාමීය අඩු ආදායම් ලාභී ජනතාව ගනුදෙනු කරන මෙම ආයතනවල බලපෑම හේතුවෙන් අපහසුතාවට පත් වූ ලක්ෂ 30ක පමණ පිරිසක් සිටින බවයි. එබැවින් මෙම ආයතන ලියාපදිංචි කිරීම අනිවාර්යය වන අතර ක්ෂුද්‍ර මුල්‍ය ආයතන නියාමනය සඳහා නව අධිකාරියක් පිහිටුවන බව පවසනවා.

ඒ සඳහා අදාළ පනත් කෙටුම්පත මේ වන විට ගැසට් කර අවසන් බවද අමාත්‍යවරයා පවසනවා. වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

"ක්ෂුද්‍ර මූල්‍ය කටයුතු සිදුවිය යුතුයි. නමුත් හොඳ පාලනයක් තිබිය යුතුයි. අපේ රටේ 11,000ක් තියෙනවා ආයතන. නමුත් ලියාපදිංචි වෙලා තියෙන්නේ 5යි. ලියාපදිංචියක් නෑ කියන්නේ නියාමනයක් නෑ. හිතූමතේ වැඩ කරනවා. මේ තුළින් විශාල වශයෙන් ග්‍රාමීය කාන්තාව සුවිශාල ප්‍රශ්නවලට මුහුණදෙනවා. දැන් 30 ලක්ෂයක් ඉන්නවා ක්ෂුද්‍ර මූල්‍ය කටයුතු නිසා අපහසුතාවයට පත්වුණ අයගේ සංවිධාන ගතවෙලා.

මේක ජාත්‍යන්තර මට්ටමට ගිය ප්‍රශ්නයක් වෙලා. ඒ නිසා අපි කටයුතු කරගෙන යන්නේ අලුත් නීතියත් එක්ක සියලුම ක්ෂුද්‍ර මුල්‍ය ආයතන ලියාපදිංචි විය යුතුයි. මහ බැංකු නියාමනයට යටත්විය යුතුයි. අනවශ්‍ය අසාධාරණ ලෙස කටයුතු කරන්න මේ ණයගන්න අය වෙනුවෙන් ඔවුන්ට බැරි වෙනවා. මේ නීතිමය අවශ්‍යතාවය සම්පූර්ණය නොකරන අයට ලක්ෂ 50ක දඩයකට සහ වසර 5කට යටත්වූ සිරදඬුවමකටත් යටත් වෙනවා."