සමාගම් දෙකක මත්පැන් නිෂ්පාදන අත්හිටුවයි.

Government Of Sri Lanka Excise Department of Sri Lanka
By Wayomi Nov 28, 2023 06:36 AM GMT
Report

සමාගම් දෙකක මත්පැන් නිෂ්පාදන අත්හිටුවා තිබෙනවා.

ඒ, W.M. Mendis සමාගමේ සහ රන්දෙණිගල සමාගමේ මත්පැන් නිෂ්පාදන කටයුතු මෙලෙස අත්හිටුවා ඇති බවයි සුරාබදු දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ,

බදු ගෙවීම පැහැරහැරීම හේතුවෙන් මෙම තීරණය ගෙන් ඇති බවයි වාර්තා වන්නේ.

මත්පැන් නිෂ්පාදන සමාගම් 5ක බලපත්‍ර අත්හිටුවයි. - බෙදා හැරීමටත් තහංචි.

මත්පැන් නිෂ්පාදන සමාගම් 5ක බලපත්‍ර අත්හිටුවයි. - බෙදා හැරීමටත් තහංචි.

මෙම සමාගම් දෙකෙන් අර්ජුන ඇලෝසියස් හිමිකාරිත්වය දරන W.M. Mendis සමාගමේ පමණක් බදු රුපියල් මිලියන 213ක් සුරාබදු දෙපාර්තමේන්තුවට ගෙවිය යුතු අතර මේ වන විට ගෙවා ඇත්තේ, රුපියල් ලක්ෂ 8ක් පමණයි.

සමාගම් දෙකක මත්පැන් නිෂ්පාදන අත්හිටුවයි. | Alcohol Products Of Two Companies Are Suspended

පසුගිය සති කිහිපයේ, හිඟ බදු ගෙවීම පැහැර හැරි බව කියන මත්පැන් නිෂ්පාදන සමාගම් 5ක බලපත්‍ර අත්හිටුවීමට සුරාබදු දෙපාර්තමේන්තුව පියවර ගැනුණා.

ඒ, අනුව එහිදී ඩබ්ලිව්.එම්. මෙන්ඩිස්, වයඹ ඩිස්ටිලරීස්, සිනර්ජි ඩිස්ටිලරීස්, රන්දෙණිගල ඩිස්ටිලරීස් සහ ෆින්ලන්ඩ් ඩිස්ටිලරීස් යන අදාළ සමාගම්වලට මත්පැන් නිෂ්පාදනය සහ තොග බෙදා හැරීම ද තහනම් කරනු ලැබුවා.