ඉන්ධන හලේ ගැටුම අතරතුර ගිනි අවියක් කරළියට

Sri Lanka Sri Lanka Fuel Crisis
By Sewvandhi Jul 24, 2022 01:42 PM GMT
Report

අවමගුලකට සහභාගීවීමට පෞද්ගලික මගී බස් රථයකින් ගමන් කරමින් සිටි පිරිසක් හා අලව්ව,මොරවලපිටිය ඉන්ධනහල අසල ඉන්ධන පෝලිමේ සිටි පිරිසක් සමග බහිම් බස් වීමක් ඉන්ධන පෝලිමේ සිටි අයකුට වෙඩි තැබීමට උත්සාහ කළ බව කියන පුද්ගලයකු ඇතුළු හය දෙනකු අත්ඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

මෙම පෞද්ගලික බස් රථය අව්ස්සාවේල්ල කෑගල්ල මාර්ගයේ ධාවනය වන අතර කොටියා කුඹූර ප්‍රදේශයේ දස දෙනෙකුගෙන් යුත් පිරිසක් සමග හෙට්ටිපොල ප්‍රදේශයේ අවමගුල් ගෙදරකට සහභගී වීමට යමින් සිටියදී මෙම ගැටුම සිදු වී ඇති අතර මෙම බස් රථයේ අයිතිකරුද සිටි බව අලව්ව පොලීසිය පවසයි.

එම අවස්ථාවේ ඉන්ධනහලේ රාජකාරී කරමින් සිටි පොලිස් නිලධාරීන් විසින් එය සමථයකට පත්කර ඇතැයි මාධ්‍ය ප්‍රකාශක වරයා කීය සැකකරුවන් වයස අවුරුදු 33 ක් 53 ත් අතර සීමාවල පසුවන ඇහැලියගොඩ පින්දෙණිය දිය ගොල්ල හා මල්මඩුව යන ප්‍රදේශවල පදිංචිකරුවන් වේ


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now