ඌරෙක් නිසා පුද්ගලයකුට දිවි අහිමිවෙයි...!
වැලිගම පොලිසිය සඳහන් කළේ, අකුරැස්ස ප්රධාන මාර්ගයේ වැලිහිද පන්සල අසලදී ඌරෙකු යතුරු පැදියේ ගැටීමෙන් එහි ගමන් කල දෙදෙනෙකු බරපතල තුවාල ලබා ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එක් අයකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.
මෙලෙස අනතුරට ලක්ව ඇති, තෙලිජ්ජවිල හොරගොඩ ප්රදේශයේ පදිංචි වයස 75 පමණ වන තිදරු පියෙකු වන නන්දසේන විජේසිංහ මහතා මෙම අනතුරින් බරපතළ තුවාල ලබා වැලිගම වලාන රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්රතිකාර සඳහා ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කොට ප්රතිකාර ලබමින් සිටියදී (15 ) දින පෙරවරුවේදී ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය සඳහන් කරනවා.
එනම්, මාළු ගෙන ඒමට ඔහුගේ පුතා වන සුරේෂ් මහතා සමග නන්දසේන විජේසිංහ මහතා හොරගොඩ සිට මිරිස්සට යාමට 15 දින අළුයම ස්කූටි වර්ගයේ යතුරුපැදියකින් ගමන් කොට තිබේ උදැසන 5:30 පමණ වැලිගම අකුරැස්ස ප්රධාන මාර්ගයේ වැලිහිඳ පන්සල අසලදී ඌරෙකු යතුරු පැදියේ ගැටීමෙන් නන්දසේන මහතා සහ ඔහුගේ පුත් සුරේෂ් යන අය බරපතළ තුවාල ලබා තිබූ බවත් මෙහිදී ප්රදේශවාසීන් විසින් ගිලන් රථයක් (1990 ) ගෙන්වා තුවාලකරුවන් වැලිගම වලාන රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර තිබූ බවත් මෙහිදී වැඩිදුර ප්රතිකාර සඳහා ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කල බවට සදහන් වෙි.
බරපතළ තුවාල ලැබූ නන්දසේන විජේසිංහ මහතා 15 දින උදැසන 11: 15 පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය කියයි
ඔහුගේ පුත් සුරේෂ් විජේසිංහ මහතා මේ වෙනවිට ගාල්ල කරාපිටිය රෝහලේ ප්රතිකාර ලබමින් සිටි.
සිද්ධිය සම්බන්ධයෙන් වැලිගම මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ඩි එම් අබෙිසේකර මහතාගේ උපදෙස් මත රථවාහන අංශයේ ස්ථානාධිපති එස් සුදුසිංහ මහතා , සහ ( 97805 ) කාරක යන නිලධාරීන් විසින් පරීක්ෂණ මෙහෙයවති.