අක්ක, නගෝ එකතු වෙලා 12කුට කරපු අමුතුම සෙල්ලම මෙන්න..කරපු දේවල් සියල්ල මාට්ටුයි.
යාවත්කාලීන නොකළ විදේශ රැකියා එජන්සි බලපත්‍රයක් යොදාගෙන නීති විරෝධී අයුරින් විදේශ රැකියා එජන්සි ආයතනයක් පවත්වාගෙන යමින් කාන්තාවන්ගෙන් රුපියල් 2,445,000 ක මුදලක් වංචා කළ බව කියන සහෝදරියන් දෙදෙනෙක් විදේශ සේවා නියුක්ති කාර්යංශයේ විශේෂ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මහනුවර, කටුගස්තොට ප්‍රදේශයේ විදේශ රැකියා ආයතනයක් පවත්වාගෙන යමින් කාන්තාවන් දොළොස්දෙනෙක් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි නොකර සංචාරක වීසා මගින් ඩුබායිවලට යවා ඇති බවටත් ඕස්ට්‍රේලියාවේ රැකියා ලබාදෙන බව පවමින් තවත් කාන්තාවකගෙන් රුපියල් ලක්‍ෂ 6 ක් ලබාගත් බවටත් අදාල කාන්තාවන් දෙදෙනාට චෝදනා එල්ල වී තිබේ.
මාතලේ පොලිසියේ ද සහයෝගය ලබාගනිමින් අදාල කාන්තාවන් දෙදෙනා මාතලේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන මාතලේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ බවත් ඕස්ට්‍රේලියාවට යැවීම සඳහා ලබාගත් රුපියල් 615000 ක මුදල ආපසු ලබාදීමට අධිකරණයේදී පොරොන්දු වූ බවත් විදේශ සේවා නියුක්ති කාර්යංශය පැවසීය.
අධිකරණය එම කාන්තාවන් දෙදෙනාම රුපියල් ලක්ෂය බැගින් වූ මුදල් ඇප දෙකක් මත මුදාහැරීය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |